නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාවක්
අපරාධ සිද්ධීන්වලට අදාළ නඩු ගොනු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව උපදෙස් ලබාදිය යුතු බවට නීතීපතිගේ තීරණයකට අනුව නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවමින් පසුගිය මාස 10 ක කාලය තුළ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් නඩු ගොනු 13,283 ක් සම්බන්ධයෙන් පියවර ගෙන ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.