IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දියාවේ දුප්පතුන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොමිලේ

මාස තුනක් යනතෙක් දුප්පත්ම ජනතාවට ගෘහස්ත ගෑස් සිලින්ඩර නොමිලේ සැපයීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

සාමාන්‍යයෙන් රජයේ ප්‍රතිලාභලාභීන්ට අඩු මුදලට ගෑස් ලබාදෙන අතර කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් දුප්පත්ම ජනතාවට එලෙස නොමිලේ ගෑස් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ඉන්දියාව සිය පුරවැසියන්ට පිරිසුදු ඉන්ධන ලබාදීමේ යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කර තිබූ අතර එම ක්‍රමවේදය යටතේ මෙලෙස ගෑස් ලබා දේ.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ඉන්දියාව පසුගිය සතියේදී රට සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගත්තේය. ඒ අනුව සති තුනකට මුළු රටම වසා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොරෝනා වයිරසයෙන් ඉන්දීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ඉන්ධන ඉල්ලුමට ද බලපෑම් එල්ල වී තිබේ.

‘‘ගෑස් සඳහා තිබෙන ඉල්ලුම ලොකු අභියෝගයක්. අනෙකුත් නිෂ්පාදන සඳහා තිබෙන ඉල්ලුම අඩුවෙද්දි ගෑස් පරිභෝජනය වැඩි වෙනවා. ලොක්ඩවුන් සීමා අවසන් නොවුණහොත් මේ අභියෝගය ඉදිරියටත් තියේවි’’ යැයි ඉන්දියාවේ ප්‍රධානතම පිරිපහදු සමාගම වන ඉන්දියන් ඔයිල් කෝප් (අයි.ඕ.සී) සමාගමේ සභාපති සන්ජීව් සිං පැවැසීය.

රජයේ ප්‍රතිලාභ ලබන මිලියන ගණනක දුප්පත් ජනතාවගෙන් සියයට 70ත් 80ත් අතර පිරිස නව යෝජනා ක්‍රමය යටතේ ගෑස් නැවත පුරවාගැනීමට කටයුතු කළහොත් මාසයක් ඇතුළත ඉන්දියාවේ ගෑස් ආනයනය ටොන් 700,000කින් වැඩි වනු ඇතැයි ද හෙතෙම කීය.

අප්‍රේල් මාසයේදීත් මැයි මාසය මුලදීත් බෙදා හැරීම සඳහා ඉන්දියාවේ ‘හින්දුස්තාන් පෙට්‍රෝලියම් කෝප්’ සමාගම ගෑස් ටොන් 245,000ක් මිලදී ගැනීම සඳහා දැනටමත් ටෙන්ඩරයක් නිකුත් කර ඇත.

රොයිටර්ස්

055



අදහස් (1)

ඉන්දියාවේ දුප්පතුන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොමිලේ

රවින් Tuesday, 31 March 2020 01:23 PM

ගෑස් නිකන් ? ගෑස් වලින් උයන්න කෑම වර්ග? ඉන්දියාවේත් ඇඳිරි නිතිය නේද? උයන පිහින දේවල් නැතිව ගෑස් සිලින්ඩරෙන් ඇති වැඩේ? අසල්වැසියාට ගෑස් පෙන්නිමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13821 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site