IMG-LOGO

සාදයක් පැවැත්වූ පිරිසක් වාරියපොළදී අත්අඩංගුවට

( රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )

ඇදිරි නීතිය අවස්ථාවේ රැස්ව බීමත්ව ගී ගයමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය කියයි.

පොලිසියට ලද තොරතුරක් මත අද (29) සවස වාරියපොල සියඹලාකැලේ ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකල මෙම වැටලීමේදී පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිණ.

විසි දෙනෙකු පමණ මෙම සාදයට එක්ව සිට ඇති අතර පොලිසිය එහි යන අවස්ථාවේ දී පිරිසක් පලාගොස් ඇත. 

එම අවස්ථාවේ දී පිරිස සාදයට යොදාගත් බෆල් කීපයක් ඇතුලු උපකරණ කිපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

පිරිස ඉදිරි දිනයේදී  වාරියපොල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පැනගිය පිරිස අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ පවත්වයි.

වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නිමල්, උප පොලිස් පරීක්ෂක කුමාරසිංහ ඇතුලු නිලධාරින් පිරිසක් වැටලීමට එක්වූහ.



අදහස් (6)

සාදයක් පැවැත්වූ පිරිසක් වාරියපොළදී අත්අඩංගුවට

lalithm Sunday, 29 March 2020 03:15 PM

මෙහෙමත් මෝඩයෝ. මොවුන්ට මහජනයාට පෙනෙන විදියට ප්‍රසිද්ධ දඬුවම් දෙන්න ඕනේ. එතකොට තමා ලංකාවේ අයවලුන්ට දැනෙන්නේ.

:       101       241

wije Sunday, 29 March 2020 04:13 PM

රටේ මෙච්චර විනාසයක් වෙලා තියෙද්දිත් මෙච්චර අවදානමකට රට වැටිලා තියෙද්දිත් මුන්ට කිසිම ගානක් නැහැ. මේ වගේ අය නිසා තමයි අහිංසක මනුස්සයකුට කඩයට ගිහිල්ලා හාල් කිලෝ 1ක් අරගෙන එන්න විදියක් නැත්තේ.

:       0       609

Rasika Sunday, 29 March 2020 04:54 PM

ජනාධිපතිතුමනි, මෙවැනි දේ කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදෙන්න.

:       0       193

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 29 March 2020 07:28 PM

කරුණාකර මෙවන් වගකීම් විරහිත මෝඩයින් ලෙස හැසිරෙන සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන ගොඩනැගීමට යොදවන්න.. මෙවන් කාලයක ඔවුන්ට දිය යුතු හොඳම දඬුවම සහ සමාජයට ඔවුන්ගෙන් සිදුවන ප්‍රබල අනතුරට කදිම පාඩම එයවනු ඇත..

:       0       0

ranjith Monday, 30 March 2020 12:13 AM

මේ වගේ අයට වෙඩි තියන්න තමයි තියෙන්නේ...

:       0       0

MD Monday, 30 March 2020 03:42 AM

නැව ගිලෙනකොට ‌වෙන්න තියෙන ‌දේ ‌වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 284 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site