කෘත්‍රීම ස්වසන යන්ත්‍ර හෙවත් ස්වසන සංවාතන යන්ත්‍රවල (වෙන්ටිලේටර්ස්) සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා සහාය දෙන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස්දී ඇත.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය කර තිබෙන කෘත්‍රිම ස්වසන යන්ත්‍ර සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවැසීය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වයිරසය ආසාදනයවී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට අවශ්‍ය සායනික කෘත්‍රිම ස්වසන යන්ත්‍ර නිෂ්පාදනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.ඩී.එස්. අශාන් සිසුවාට අවශ්‍ය පහසුකම් සිය ආයතනය මඟින් සලසා ඇතැයි ද හෙතෙම කීය.
එහි මූලික සාම්පලය සතියක කාලයක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බව ද දිසානායක මහතා කීවේය.
කෘත්‍රිම ස්වසන යන්ත්‍ර නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නිර්මාණකරුවන්ට සහාය දැක්වීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම් බවත් ඒ සඳහා 0774569098 අමතන ලෙසත් දිසානායක මහතා තවදුරටත් කීය.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි....!
ඕව මේ හදිස්සියට හදන්න පුළුවන් දේවල් නොවේ. හොඳම වැඩේ දැනට ප්‍රමිතියකින් යුතු යන්ත්‍ර පිට රටකින් ගෙන්වා ගැනීමය. මේ යන්ත්‍ර හරියට ක්‍රියා නොකලොත් ලෙඩා මිය යන අතර , මේවා නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් ඒවා සීරුමාරු කරන්නට යාමෙන් සෞඛ්‍ය සේවකයන්ට මේ ලෙඩේ බෝ වීමේ අවධානමක් ඇත.
මෙවැනි නිපැයුමකින් එක ජීවිතයක් බේරාගැනීමට හැකිනම් බොහොම යහපත් දෙයක්... දැනට ලංකාවේ රෝගීන් ගණනට වැඩිය වෙන්ටිලේටර් යන්ත්‍ර තිබෙනවයි සිතමි.
මෙවැනි යන්ත්‍ර ලංකාවේ අපටම නිෂ්පාදනය කරගන්න පුලුවන්නම් ඉතා හොඳයි.. මෙවැනි දෙයක් නිෂ්පාදනය කරන්න පෙලඹෙන තරුණයන්ව අපි ධෛර්යමත් කරන්න ඕනේ... අවශ්‍ය උපකාර කරන්න ඕනේ... නමුත් ලෝකයේ මෙවැනි යන්ත්‍ර (සෞඛ්‍ය උපකරණ) නිපදවන බහුජාතික සමාගමකට වුණත් අලුත් යන්ත්‍ර මාදිලියක් සැලසුම් කර නිෂ්පාදනය කර වෙළඳපලට ගෙන එන්න අඩුම තරමින් වසර 1 1/2 වත් ගතවෙනවා.. එයට හේතුව මේවා භාවිත කර කෙලින්ම අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෙර නව මාදිලියේ යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වය සහ තත්ව පරීක්ෂණය සඳහා පමණක් අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙන එක... එමනිසා මෙම සිසුවා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් නිපදවන මෙම යන්ත්‍රය වෙළඳපලට ගෙන එන්න අවුරුදු 2ක් වත් ගතවෙන්න පුළුවන්... මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න බැහැ. එමනිසා අදාල යන්ත්‍ර ප්‍රමාණය දැනට නිෂ්පාදනය කරන සමාගමකින් ඇනවුම් කරමු. එම අතරතුර මෙම මෙම සිසුවාගේ යන්ත්‍රය වැඩි දියුණු කිරීමට අවශ්‍ය උදව් කරමු ..
ඉතින් මෙපමණ කාලයක් මේවා පිටරටින්ම වැඩි මිලට ආනයනය කරන්න හේතුව ඉතා සක් සුදක් සේ කාටත් පැහැදිලියි නේද? අපේ රටේ නව නිපැයුම් කරන්නන්ට කිසිම රාජ්‍ය අනුග්‍රහයක් හිමි නොවීම ජාතියේ අවාසනාවක් නොවේද? මෙතෙක් සිටි සියලුම දේසපාලුවන්ට කොමිස් නැති වන නිසා නොවේද? ජනතාව දැන්වත් පාට පක්ෂ බදාගෙන කුලල් කා ගැනීමෙන් වාසි ලබන්නෝද? මෙම ජනතා (අ) හිතවාදී දේශපාලඥයෝම නොවන්නේද?