IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අකුරණ ආසාදිතයා සමඟ සබඳතා පැවුත්වු දෙදෙනකු ඇතුළු 15 ක් මහියංගණයේදී නිරෝධායනයට

(රංජිත් කරුණාවීර)

මහනුවර, අකුරණ ගම්මානය සමඟ පසුගිය සතිය ඇතුළත සබඳතා පැවැත්වු  පුද්ගලයන් දෙදෙනකු ඇතුළු 15 ක් මහියංගණයේදී දින 14 ක් නිරෝධායනය කිරිමට මහියංගණ පොලිස් නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරික්ෂක  නිලධාරීන් අද කටයුතු කළේය.

අකුරණ ගම්මානය සමඟ හා එම ප්‍රදේශයේ පුද්ගලයන් සමඟ සම්බන්ද පුද්ගලයන් මහියංගණ නගරයේ සිටින බවට ලද තොරතුරක් සම්බන්දයෙන් සොයා බැලීම සදහඳ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්   ඇතුලු පිරිස ක්‍රියා කළ අවස්ථාවේ මොවුන් හමුවී තිබේ.

එහිදී  ඇඳීරි නීතිය පනවා  තිබියදී මහියංගණ නගරය ආසන්නයේ විමෝලක් හා මිරිස් මොලක් පවත්වාගෙන යමින් ගම්මානයේ පිරිස් සේවයේ යෙදවූ මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු  හමු වූ අතර  ඇඳීරි නිති කොන්දේසි කඩ කිරිම හේතුවෙන් ඔහුනට දැඩි ලෙස අවවාද කෙරිණි. 

එම මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන දෙකහි හිමිකරුවන් දෙදෙනා පසුගිය සතිය ඇතුලත මහනුවර අකුරණ ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයන් ඇසුරු කර තිබීම හේතුවෙන්  ඔවුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හාව්‍යාපාරික ස්ථානයේ  සේවයේ යෙදී සිටි පිරිස් මෙලෙසෙ දින 14ක් නිරෝධායනයට ලක් කිරිමට නිළධාරින් කටයුතු කෙරිණි

ඒ අනුව පසුගිය සතිය ඇතුලත මහනුවර අකුරණ ගම්මානය සමග සබදතා පැවැත් වු මහියංගණයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්  16 දෙනෙකුමහියංගණ නගරයේ ඔහුන් වාසය කළ නිවාස හා ව්‍යාපාරික ස්ථාන වලදිදින14ක් නිරෝධායනයට ලක්කිරිමට මහියංගණ මහජන පරීක්ෂකවරු ක්‍රියා කළේය.

 



අදහස් (0)

අකුරණ ආසාදිතයා සමඟ සබඳතා පැවුත්වු දෙදෙනකු ඇතුළු 15 ක් මහියංගණයේදී නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13772 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site