IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


හික්කඩුව ආරච්චි කන්ද රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි

 ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ආරච්චි කන්ද ප්‍රාදේශීය රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

ඒ අනුව මෙම රෝහල ඇඳන් සියයකින් සමන්විත නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ.

මෙම කටයුත්ත කිරීමේ දී අවශ්‍ය ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ලබා ගැනීමට ද අදහස් කෙරේ.

අද (27) වනදා වන විට දකුණු පළාතේ ස්වයං නිරෝධානයට ලක් කර ඇති සංඛ්‍යාව 2100 බව ද අද වන විට දින 14 ක ස්වයං නිරෝධායනය අවසන් කර ඔවුන් ට ඒ බව සඳහන් සෞඛ්‍ය සහතික නිකුත් කළ ඇති සංඛ්‍යාව 1100 බව ද වෛද්‍ය චන්දිම සිරිතුංග පැවසීය.

මෙම කරුණු අනාවරණය වූයේ අද (27) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ය.

මෙම සාකච්ඡාව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.
 



අදහස් (0)

හික්කඩුව ආරච්චි කන්ද රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 155 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 83 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site