‘නාම යෝජනා දෙන්න දෙන්නෙක් එන්න‘ නාම යෝජනා බාර දීම සඳහා පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනකුට සීමා කරන්නැයි පොලීසිය දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර තිබේ. 17 March 2020
කොරෝනා මඬින්න ඇමෙරිකාව කෘතිම බුද්ධි සහාය සොයයි කොරෝනා වයිරසය සම්බන්ධයෙන් උද්ගතව පවතින තත්වය මැඬපැවැත්වීම සහ ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා ඇමෙරිකාවේ සහ ලෝකයේ සෙසු රටවල, කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂකයන් කැඳවීමට ධවල මන්දිරය පියවර ගෙන තිබේ. 17 March 2020
ටජ්මහල වහයි කොරෝනා වයිරසය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා ඉන්දියාවේ ඓතිහාසික ටජ්මහල් ප්‍රාසාදය වසාදමා ඇතැයි බලධාරීහු පවසති. 17 March 2020
ප්‍රංශ මැතිවරණයේ දෙවැනි වටය කල්දමයි මාර්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රංශ මැතිවරණයේ දෙවන වටය පවතින තත්වය හේතුවෙන් කල්දමන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා පවසයි. 17 March 2020
‘විදේශයන්හි සිට එන අයට පොලීසියට ඇමතුමක් දී ලියාපදිංචි විය හැකියි’ විදේශයන්හි සිට මාර්තු 1 වැනිදා සහ 15 වැනිදා අතර කාලයේ දී මෙරටට පැමිණි අය ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ආසනන්ම පොලිස් ස්ථානයට ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි. 17 March 2020
ජනපති අද ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. 17 March 2020
ප්‍රංශ ජනතාවට නිවාසවලින් පිටවයාම තහනම් මහජනයාට සිය නිවාසවලින් පිටතට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදෙමින්, ප්‍රංශයේ සියලු පොදු ස්ථාන වසා දමා හුදකලා නගරයක් බවට පත්කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා පියවර ගෙන තිබේ. 17 March 2020
‘මාසික සේවා ගාස්තු ගෙවීමේදී පාරිභෝගිකයාට සහනයක් දෙන්න‘ මාසික සේවා ගාස්තු ගෙවීමට පාරිභෝගිකයාට ලබා දීඇති කාල සීමාව දීර්ඝ කර සහනයක් සළසා දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 17 March 2020
රැකියා ස්ථානයේ කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න උපදෙස් මාලාවක් රැකියා ස්ථානයේදී කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර තිබේ. 17 March 2020
දුම්රිය 90 ක් දින තුනක් ගමන් නවත්වයි අද ( 17) සිට 19 වැනිදා තෙක් දින තුනක් දුම්රිය 90 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 17 March 2020
කොරෝනා මැඩලීමේ එන්නත අත්හදා බැලීමට මිනිසුන් යොදාගනී කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට නිපදවන ලද එන්නත අත්හදා බැලීම සඳහා පළමු වරට මිනිසුන්ට ලබාදීම ඇමෙරිකාවෙන් ආරම්භ කර තිබේ. 17 March 2020
ආසාදිත ගුවන් නියමුවා සමග සේවය කළ පිරිසක් ස්වයං නිරෝධායනයට කොරෝනා වයිරසය ආසාදනය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවා සමඟ කටයුතු කළ ගුවන් යානා කාර්යය මණ්ඩල තුනකට අයත් සාමාජිකයන් මේ වනවිට තම නිවෙස්වල ස්වයං නීරෝධායන කටයුතුවල නියැලී සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා කීය. 17 March 2020
අද සිට දින තුනක නිවාඩුවක් අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ලබාදීමට රජය ඊයේ (16) රාත්‍රියේ දී තීරණය කර ඇත. 17 March 2020
කොන්සියුලර් සේවා 20 වැනිදා දක්වා නවතා දමයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමක් ලෙස කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශය මගින් සපයන සියලු කොන්සියුලර් සේවා 20 වැනිදා දක්වා නවතා දැමීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත. 17 March 2020
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකුටත් කොරෝනා වැළඳෙයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කරන ගුවන් නියමුවෙකුද කොරෝනා වැළඳී ඇති අතර ඔහු මේ වන විට අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. 16 March 2020
01 වැනිදා සිට මෙරටට පැමිණෙන පිරිසට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් මේ මස 1 වැනිදා සිට 15 වැනිදා කාලය තුළදී ඉරානය, දකුණු කොරියාව සහ යුරෝපා රටවල සිට මෙරටට පැමිණි සියලුදෙනා ළඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි විය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. 16 March 2020
ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට මහ මැතිවරවරණයේදී කලුතර, නුවරඑළිය, වන්නිය හා යාපනය දිස්ත්‍රික්ක හතරට තරග කිරීමටත් ඉතිරි දිස්ත්‍රික්ක සඳහා සන්ධානයෙන් තරග කරන්නේද නැද්ද යන්න හෙට (17) දහවල් පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමටත් අද (16) පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද (16) ලංකාදීපයට පැවසීය. 16 March 2020
ඉරානයේ තවත් මරණ 129ක් කෝවිඩ් - 19 යනුවෙන් නම්කරනු ලැබ ඇති කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානය තුළ තවත් මරණ 129ක් වාර්තා විය. 16 March 2020
කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයාට ඇප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාවට හානියක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. 16 March 2020
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 28 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 16 March 2020
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් බදුල්ල රෝහලට දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (16) අසාධ්‍ය තත්වයෙන් බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය. 16 March 2020
විදේශ අමාත්‍යංශ නිලධාරිනිය ඇමති හමුවුණේ ආසාදිතයා මුණගැසීමට පෙරයි පවුලේ සාමාජිකයකුට කොරෝනා ආසාදනය වී ඇති විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලූ දූත කණ්ඩායම සමග ජිනීවා නුවරදී කටයුතු කරනු ලැබුවේ එම රෝගය ආසාධිත වූ සිය පවුලේ සාමාජිකයා හමුවීමට පෙර යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශය අවධාරණය කර සිටී. 16 March 2020
අලුත උපන් බිලිඳා ඝාතනය කළ මව අත්අඩංගුවට නිවසෙහි නාන කාමරය තුළදී අලුත උපන් බිලිඳාට පිහියෙන් ඇණ හොරණ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණියක් අද (16) අත්අඩංගුවට ගත්බව බණ්ඩාරගම පොලිසිය කීය. 16 March 2020
දින නියම වූ නඩු විවෘත අධිකරණයේ කැඳවන්නේ නැහැ ඉදිරි තෙදින තුළ දිවයිනේ සියලු අධිකරණවලදී, දින නියමවූ නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම කියයි. 16 March 2020
ශ්‍රී ලාංකික මග පෙන්වන්නාගේ පුත්‍රයා රෝහලෙන් පිටව යයි කොරෝනා රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික මග පෙන්වන්නාගේ පුත්‍රයා අංගොඩ අයි.ඩී.එච් රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 16 March 2020
වියලුවට මහ වැසි පිටමාරුව, මීගහකිවුල, බලගොල්ල තල්දෙන ඇතුළු වියලුව ආසන්න ප්‍රදේශ රැසකට අද (16) සවස ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටුණි. 16 March 2020
ශ්රීලනිපය දිස්ත්‍රික්ක හතරකට වෙනම තරග කරයි මහ මැතිවරණයේදී නුවරඑළිය, වන්නිය, කලුතර හා යාපනය දිස්ත්‍රික්ක හතර සඳහා වෙනම තරග කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද (16) පැවසීය. 16 March 2020
ග්‍රහලෝකාගාරය වසාදමයි ග්‍රහලෝකාගාරය හෙට(17) සිට තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂක කේ. අරුණු ප්‍රභා පෙරේරා මහත්මිය පවසයි. 16 March 2020
11 වැනි කොරෝනා රෝගියාට එරෙහිව විමර්ශනයක් 11 වැනි කොරෝනා රෝගියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් සී. ඒ. ධර්මතිලක මහතා ඉදිරියේ අද (16) කරුණු වාර්තා කර ඇත. 16 March 2020
අවුරුද්දට ඇඳුම් ගන්න නොයන්නැයි ඉල්ලීමක් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී ඇඳුම් මිලදී ගැනීමේ කටයුතුවලින් හැකිතාක් ඈත්වී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 16 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026