
(මනෝප්රිය ගුණසේකර)
පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.
දීර්ඝ කාලයක සිට මේ දක්වා සිදුව ඇති පුරා වස්තු විනාශය නවතා රටේ උරුමය අනාගත පරපුරට දායද කිරීමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු පුරාවිද්‍යා විෂය පිළිබඳ හසළ දැනුමක් ඇති විද්වත් කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වැනි සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව දැනුම් දී ඇත.
ජනාධිපති බෞද්ධ උපදේශක සභාවාරයේදී පුරාවස්තු හා ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහාසංඝරත්නය ඉදිරිපත් කළ කරුණු ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කිරීමට පොරොන්දු වු ජනාධිපතිවරයා පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවට වාර්ෂිකව වෙන් කරන මුල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමටද පොරොන්දු විය.
කිසිඳු පුජනීය ස්ථානයකට, ඓතිහාසික උරුමයකට, හා ඒවායේ වටිනාකම්වලට හානි කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් එවැනි සියළු ස්ථාන ජාතික උරුමයන් සේ සළකා ආරක්ෂා කරන බවත් එහිදී පැවසු ජනාධිපතිවරයා පුරාවස්තු හා ඓතිහාසික ස්ථාන රැකදෙන ලෙස මහාසංඝරත්නය කරන ඉල්ලීම් වලට ක්ෂණික ප්‍රතිචාර දන්වන ලෙස පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොණ්ඩමන් කතාව, කරුණාගේ කතාව සහ රාජසභා මණ්ඩපය කඩලා දමපු නිසා රටේ ජනතාව කේන්තියෙන් ඉන්නේ. ඕවා කරන්න ඉස්සර වෙලා... පොහොට්ටු ආණ්ඩුව ගෙදර යැව්වොත් මෙකෙද වෙන්නේ?
තියෙන එකත් අවලංගු කරන එකයි වෙන්න ඕනේ... 69 ලක්ෂයේ ඇති ලොකු බලාපොරොත්තු පත්කරගෙන තියෙන්නේ බලපුවාම හිටන්ට හපන් කෙනෙක්නේ.. හිටන් අඩුම ගානේ පත්තරෙන් බලලාවත් මොකක්හරි ක්‍රියාමාර්ග ගත්තා... මීට හොඳයි පොල්පිත්තකින් කපලා හිටෙව්වා නම්... 68 ලක්ෂෙන් කෙනෙක් වුණාට සාඩින් බයියෙක් නෙමෙයි. නිකම්ම නිකන් බයියෙක් වත් නෙමේ.. දැන් නම් සැප තමයි..
ෂෝක් නාට්ටිය... ඊළඟ එක මොකක්ද? M.C.Cද? අර තිස්ස සර්ගේ ජාන ලේ දැන් කකියන්නේ නැද්ද? නැත්තන් ගල් වෙලාද? මධුමාධව අරවින්ද එහෙම දැක්කොත් අටපට්ටමට හරි කියන්න..
හසළ දැනුමක් ඇති විද්වත් කමිටුවට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාත් ඉතා සුදුසුයි. පුරාවස්තු ගැන අසා නැති කරුණු අගමැතිවරයාගෙන් අපිට ඇසෙන්නෙමු. පුරාවස්තු ආරක්ෂා කරන්නන්ගේ ඇඟේ මයිලකටවත් අත නොතබන්න ඇමතිවරයා වගබලා ගැනීම කොතරම් වටිනවාද?
ජනාධිපතිතුමනි, ජොනීට නීතිය ක්‍රියාත්මක කරන්න පළමුව, ඔබතුමාලා රියානා නීතියෙන් වැඩක් ගන්නේ නැතිව තවත් නව නීති ගේන්න යනවා. මේක නිකන් මුදල් හා කාලය නාස්ති කිරීමක්නේ..
රටක ගැටලුවක් ඇති වූ අවස්ථාවක වැදගත් වන්නේ අන-පණත් හැදීම හෝ නීති-රීති රැගෙන ඒම නොව, තිබෙන නීති රැකිය හැකි, සාමාන්‍ය මනුෂ්‍ය බුද්ධිය තිබෙන, ලෝක ධර්මතා ගැන සංවේදි පාලකයින් රැලකි. ක්‍රියාත්මක කරනවා නම් දැනට තිබෙන පුරාවිද්‍යා නීති-රීති ප්රමාණවත්ය.. අනිත් අතට, පාලකයාට සාමාන්‍ය මනුෂ්‍ය පරිණත බවක් සහ සාමාන්‍ය බුද්ධියක් තිබේ නම් රටේ සම්පත් රැකීමට නීති-රීති අවශ්‍ය නැත.
වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසන්නද මේ හෙනේ...?
සීගිරියේ ඝාණ්ඨාරෙ, කෞතුකාගාරයේ කැඩුවෙත් මේවාට අදාළද දන්නේ නැහැනේ...
නිකන් කයිවාරු ගහගහ ඉන්නේ නැතිව දැන්වත් අර කුරුණෑගල ඒ පහත් වැඩේ කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න. හිරේ ඉන්න අය එක පැයෙන් එළියට ගන්න නම් හරි උනන්දුයි. ඒත් මෙතැනදී බීරෙක් වගේ ඉන්නවා.
අර සේනානායක ගොයියා දාලා නටපු කන්ගැට්ටා නාටකය අපිට හොඳට මතකයි. එනවා නිකන් මෙතන පාරම් බාන්න.
අයියගේ අදහසක් වගෙයි.. සීගිරිය, පොලොන්නරුව වැනි පළාත්වල තියෙන්නේ පුරාණ නටබුන් නොව මේ ඊයේ පෙරේදා එක එක පිස්සන් හදපු ඒවා. ඒවා සමතලාකරලා අපේ පවුලේ හෝටලය හදන්න " වගෙයි නේද යන්නේ... බලාගෙන ඉන්නකෝ. මෙදාපාර ඔයගොල්ලෝ හොඳ හෝටලයකින් කනවා. ආයේ නොඑන්නම. හැබැයි මහත්තයෝ, ඔය ජනාධිපති කෑල්ල ඉවරවුණාම, අර හංගලා තියෙන නඩු ඔක්කොම පිටිපස්සෙන් එනවා. ගොනු බැඳී කරත්ත රෝදය සේ...
කෞතුකාගාරය ඔය පනතට අදාල ස්ථානයක්ද දන්නේ නැහැ...
මෙයත් කයිවාරු විතරයි. වැඩ නැහැ.
නීතිය ක්‍රියාත්මක නොවන රටක පනත් ගෙනඒමෙන් ඇති ඵලය කුමක්ද?
තවත් සිරිසේන කෙනෙක් පේන්නේ මට විතරයිද?
එකම වල්ලේ පොල්. පවුල් පාලනේ අයගේ කතා කොහොම විශ්වාස කරන්නද?
කැටපත් පවුරේ කුරුටු ගාපු කෙනාව නම් ඉක්මණට අල්ලගෙන ඇතුළට දැම්මා ඔය අලුත් පනත් මුකුත් නැතිව... එයා මඩකලපුවේ නිසා වෙන්න ඇති...
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තියෙන බලතල හොඳටම ඇති රටේ තියෙන පුරා විද්‍යාත්මක වටිනා ස්ථාන ආරක්ෂා කර ගන්න. කරන්න ඕනේ රටේ පාලකයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කරන බලපෑම සහ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන අපරාධකාරයන් ආරක්ෂා කරන එක නවත්තන එක. කුරුණෑගල රාජ සභා මණ්ඩප පරිශ්‍රයේ ගොඩනැගිල්ලක් විනාශ කරපු එක බලන්න කමිටුවක් පත් කළාම ඒ ගැන බලන්න කුරුණෑගල ගිහින් තමන්ගේ වාර්තාව 23 වෙනිදා නෙමෙයි සඳුදාම දෙනව කිව්ව පුරා විද්‍යා අධ්යක්ෂ ජෙනරාල් කොළඹ ආපු ගමන් ඒ කතාව වෙනස් වුනේ කොහොමද? එදා සිංහයෙක් වගේ කුරුණෑගල ගියපු පුරා විද්‍යා අධ්යක්ෂ ජෙනරාල් දැන් කඩාවැටිලා.
බලාගෙන යනකොට සිරිසේනට වඩා හපන් වගේ නන්දසේන...
පත්වුණු දා සිට කරපු දෙයක් නැත. ජනතාව ගොනාට අන්දවනවා මිසක්.. 2/3 ගන්න තියෙන උනන්දුව ජනතා ප්‍රශ්න විසඳීමට දක්නට නොමැත.
මෙයාත් නියමයි.
යහපාලන සමයේ ඇමති සීගිරියට කරන්න හදපු සෙල්ලම් වලට විරුද්ධ වුනු නිසාානේ පුරාවිද්‍ය අධ්යක්ෂ ජනරාල් එක්ක ඔය තරම් නයි වෛරයක් තියෙන්නේ. සීගිරිය වගේ විශාල ගලක් පුරාවස්තුවක් නෙවෙයි කියලා හිතුනු යහපාලන අයත් මෙතන ඇති. ඒ ගොල්ලො තමයි දැන් කිඹුල් කදුලු හෙලන්නේ. යහපාලන සමයේ කූරගල බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය ගැනත් බෞද්ධයන්ට මතක ඇති නේද. ඇයි යහපාලන සමයේදී හාමුදුරුවෝ කෙනෙක් අපවත්වුනු වෙලාවේ තමන්ගෙම පන්සලේ අවසන් කටයුතු කරන්න ඉඩ නොදුන්නු එකත් මතක ඇති නේද බෞද්ධයන්ට.