
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දූෂණයට ලක් කිරීමේන් පසුව මරා දැමූ පුත්තලම ආසිරිගම දැරියගේ මව 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා අද (24) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේ පුත්තලම ආසිරිගම පෞද්ගලික ඉඩමක සේවය කළ 39 හැවිරිදි පෙට්ටිගේ ගීතා ජීවනි නැමති දරුවන් හය දෙනෙකුගේ මවක් බව පොලිසි පැවසීය.
පසුගිය 16 වැනිදා මෙම දස හැවිරිදි දැරිය ආසිරිගම මවගේ භාරයේ රැඳී සිටියදී මෙම කාන්තාවගේ අනියම් සැමියා බව කියන සැකකරුවකු විසින් බරපතල ලෙස ලිංගික දුෂණයට ලක් කිරීමේන් පසුව අධික ලෙස රුධිර වහනය වී කම්පනයට ලක්වී මෙම දැරිය මරණයට පත්ව තිබුණි.
මෙම මරණයට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පැවසීය.
එසේම මෙම සැකකාර මව සිද්ධියට සම්බන්ධව කරුණු වසං කිරීමේ චෝදනා මත පුත්තලම පොලිසිය මගින් අද (24) දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණි.
එසේම මෙම සිද්ධියට සම්බන්ධ මේ වන විට පලා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පුත්තලම අධිකරණයෙන් පසුගිය 18 දින නියෝගයක්ද නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ..! මෙහෙමත් අහස පොළොව නුහුලන අපරාධ මේ රටේ සිදුවෙනවා නේ.. අම්මා දැනුවත්වම අනියම් සැමියා විසින් මේ දැරිය දූෂණය කර තිබෙන්නේ. අනේ... මොනතරම් වේදනා බරිතව මේ දැරිය මෙලොව හැර යන්නට ඇතිද..?
අනිත් දරුවන්ට රැකවරණයක් දීලද දන්නේ නෑ...
මෙහෙම අපරාධ කරන උන්ව එල්ලලා මරන්න ඕනේ...
බමුණුආරච්චි, මේ ගොල්ලෝ සිංහලනේ... ඒ හින්දා ප්‍රශ්නයක් නෑ නේද?
තම පහත් කාමාශාවන් ඉදිරියේ තමන්ගේ අනියම් සැමියාට තම කුසින් උපන් දරුවා දූෂණය කරන්නට අවැසි වටපිටාව පමණක් නොව දූෂණය කිරීමෙන් පසුවත් තොරතුරු හංගමින් අනියම් සැමියා බේරාගන්නට උත්සාහ කළ මෙබඳ කාන්තාවක උතුම් මව් පදවියටද නිගාවක්, සුදුසු දඬුවම් ලැබිය යුතුමයි..
කිසිම හව්හරණක් නැති අනික් ළමයි ගැන බලන්න... ඔවුන්ව රැකබලා ගන්නේ, ආරක්ෂා කරන්නේ කවුද?
මරණ දණ්ඩනය... එල්ලුම් ගහ කෝ?
අවුලක් නැහැ.. එයාව හරියට හදලා ගනී...
ලංකාවේ කාන්තාවන්ට දැඩි දඬුවම් දෙන්න. ඔවුන් තමයි දැන් පවුල් පිටින් විනාශ කරන්නේ. කිසිම ලැජ්ජාවක් බයක් නැතුව පහත්ම පහත් විදිහට නිශ්ශබ්දව දරුණු වැඩ කරගෙන යනවා. දුරකථනය තමයි ඔවුන්ගේ විනාශයට මුල. ඔක්කොම නෙමෙයි 80% ක් අද ඔය තත්ත්වයෙන් ඉන්නේ... කණගාටුයි.
ලංකාවේ ගැමි සමාජයේ කාන්තාවන්ගේ මනස හොඳටම විකෘති කරලා තියෙන්නේ. අවස්ථාවාදී විකෘති මනස් තියෙන පිරිමින්, සමහර විට ලාබාල පිරිමින් පවා දරුවන් ඉන්න මැදිවියේ කාන්තාවන්, විශේෂයෙන්ම ආදායමක් නැති කාන්තාවන් සමඟ සම්බන්ධකම් ඇති කර ගන්නේ ඔවුන්ගේ ලාබාල දියණියන් අපයෝජනය කිරීමට බව දැන් දැන් දකින ප්රවෘත්ති වලින් හොඳටම පැහැදිලි ලක්ෂණයක්. ලංකාව පුරුෂාධිපත්‍යයේ දඬු අඬුවට හසුවුණු රටක් නිසා මොන තරම් නීති තිබුනත්, පිරිමින් නීතිය ගණනකට නොගන්න නිසාත්, ඇප සහ ලිහිල් දඬුවම් දෙන නිසාත් මේ තත්වය අඩු වෙන්නේ නැහැ. කාන්තාවන් මේ ගැන දැනුවත් කරන්න කිසිම වැඩපිළිවෙලක් රටේ නැහැ. මහජන මුදලින් ජීවත් වෙන නිලධාරීන්ට කාන්තාවන් වෙනුවෙන් වැඩමුළු පවත්වා මේ තත්වය වෙනස් කරන්න හොඳටම පුළුවන්. නමුත් කාන්තාවන් සහ දරුවන් සම්බන්ධව රටේ පාලකයන්ගේ මන්දෝත්සාහීත්වය නිසා පිරිමින් පාලනයක් නොමැති තත්වයට පත් වෙලා. දැන් මේ කතාවේ ජීවත් වෙලා ඉන්න ඉතිරි දරුවන් 6 දෙනාගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය වෙනුවෙන් කාන්තා සහ ළමා කාර්යාංශය යම් වැඩ පිළිවෙලක් යෙදුවද?
පුරාවිද්‍යා ස්ථානයක් ඩෝසර් කළා නම් මහලු අප්පච්චිට කියලා බේරෙන්න තිබුණා. මේවා අපරාධ...
නඩු අහලා අවුරුදු 10ට පස්සේ තමයි තීන්දු දෙන්නේ...