පරිප්පු - සැමන් මිල අඩු කරයි කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ සිය අවදානය යොමුකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම රටවැසියන්ට හැකිතාක් ගමන් බිමන් වලින් වැළකි සිටින ලෙස උපදෙස් දුන්නේය. 17 March 2020
කොරෝනා වයිරසය මානව හිමිකම් කොමිසමටත් බලපායි කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නැවත දැනුම් දෙනතුරු පැමිණිලි භාරගැනීම 1996 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පමණක් සිදුකරන බව අද (17) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 17 March 2020
මැලේසියාව අත්‍යවශ්‍ය සේවා හැර සියලු කටයුතු නවතා දමයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සති දෙකකට කාලයක් රටේ අත්‍යවශ්‍ය සේවා හැර රටේ සියලු කටයුතු නවතා දැමීමට පියවර ගන්නා බව මැලේසියාවේ අග්‍රාමාත්‍ය මුහිදින් යසීන් නිවේදනය කළේය. 17 March 2020
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ නිලකාලය තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ. 17 March 2020
යුද හමුදාවේ සංචාරක නිවාස 12 ක් නිරෝධායනයට විදේශ රටවල සිට පැමිණෙන මගී ජනතාව නිරෝධායනය කිරීම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි යුද හමුදා සංචාරක නිවාස 12 ක් අද (17) සිට නිරෝධායන කටයුතු වෙනුවෙන් ලබාදී ඇතැයි පොලිසිය පැවසීය. 17 March 2020
වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් තොටලග 75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 17 March 2020
ඇමෙරිකාවෙන්-බ්‍රිතාන්‍යයෙන් ආ 76 ක් දියතලාවට විදේශ රටවල සිට පැමිණි දේශීය මගීන් 76 දෙනෙකු අද (17) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පවසයි. 17 March 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකුටත් කොරෝනා කොරෝනා වයිරස වසංගතයට එරෙහි ගෝලීය සටනට නායකත්වය දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි එම සංවිධානය පවසයි. 17 March 2020
කොරෝනා යැයි සැක කුඩා දරුවෙක් බදුල්ල රෝහලට දියතලාව නිරෝධායන මධස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුඩා දරුවෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද (17) සවස බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය. 17 March 2020
කොරෝනා ආසාදිතයින් 43 දක්වා ඉහළට කොරෝනා ආසාදිත තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි. 17 March 2020
ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින්න රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින්නැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 17 March 2020
‘නාමයෝජනා බාරදුන් දා සිට පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා’ තමන් වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා වන්නි දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක කාදර් මස්තාන් මහතා අද (17) පැවසීය. 17 March 2020
‘කොරෝනා වැළැක්වීමට ආයුර්වේද ඔසු නිර්දේශ කර නෑ’ කොරෝනා වයිරසය බෝවීම වැළැක්වීමට හැකියැයි පවසමින් ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් එවැනි ප්‍රචාර සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආයුර්වේද කොමසාරිස් සහ ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපති කේ.ඩී.ඒ.එස්.කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 March 2020
රුවන්පුරේ මැණික් ව්‍යාපාරකයකුටත් කොරෝනා රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මැණික් වෙළඳ ව්‍යාපාරිකයකුට නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරුව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 17 March 2020
රජය ගන්නා තීරණ වලට සහය දෙන්න හාම්පුතුන්ගේ සම්මේලනය පොරොන්දු වෙයි කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමේ දී රජය ගන්නා සියලු තීන්දු තීරණවලට අනුගත වන බවත් ඒවාට සහය දෙන බවත් හාම්පුතුන්ගේ සම්මේලනය පොරොන්දු වී යැයි කම්කරු අමාත්‍යංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා පැවැසීය. 17 March 2020
දිස්ත්‍රික්ක 4 කට හැර සෙසු දිස්ත්‍රික්ක වලට ශ්රීලනිපය පොහොට්ටුවෙන් එයි දිස්ත්‍රික්ක හතරකට හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. 17 March 2020
පොළොන්නරුව ප්‍රා.සභාපති ඇතුළු මන්ත්‍රීවරු තිදෙනාට ඇප වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් සුරංග අසේල ද සිල්වා මහතා අද (17) නියෝග කළේය. 17 March 2020
නව මහේස්ත්‍රාත්වරුන් 20දෙනෙකු පත්කෙරේ නව මහේස්ත්‍රාත්වරු 20දෙනෙක් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පත්කරනු ලැබ සිටිති. 17 March 2020
ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක් කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල තෝරාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවසීය . 17 March 2020
නිරෝධායන මධ්‍යස්ථාන 16 ක පුද්ගලයින් 2,258 ක් රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 16 පුද්ගලයින් 2,258 දෙනකු සිටින බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 17 March 2020
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද(17) දිනයේදී 34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 17 March 2020
විදේශ අමාත්‍යාංශයේ 26 ක් ස්වයං නිරෝධායනට විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකුට එම වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමඟ මේවන විට විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 26 දෙනෙකු ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවී ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 17 March 2020
සියලු දුම්රිය ස්ථාන-මැදිරි විෂබීජානුහරණය කරන්නැයි බලධරයන්ට උපදෙස් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඇතුළු සියලු දුම්රිය ස්ථාන හා දුම්රිය මැදිරි විෂබීජානුහරණය කරන්නැයි ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහන බලධාරීන්ට අද (17) උපදෙස් දුන්නේනය. 17 March 2020
කොරෝනා ගැන අසත්‍ය පැතිරවූ අයෙක් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හරියි කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් දෙවැනි සැකකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය. 17 March 2020
වැලිකන්ද ප්‍රා. සභාපති-උප සභාපති-මන්ත්‍රීවරයකු අත්අඩංගුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ මන්ත්‍රීවරයකු සැකපිට අද (17) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි. 17 March 2020
වූහාන් නුවරින් ආසාදිතයන් වාර්තා වූ අඩු ම දිනය අදයි කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු පමණක් අද වූහාන් නගරයෙන් වාර්තා වූ බව චීනය අනාවරණය කරයි. 17 March 2020
ඉන්දියාවේ සිටින ලාංකික වන්දනාකරුවෝ කඩිනමින් ශ්‍රීලංකාවට දැනට ඉන්දියාවේ සිටින ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1,200 දෙනෙකු කඩිනමින් නැවත ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අවශ්‍ය කටයුතු නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව පහසුකම් සලසමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී. 17 March 2020
‘ආයතන අතර සම්බන්ධීකරණය මදි නිසා අවදානමක්‘ කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට අවශ්‍ය නීති සම්පාදනය හා තීන්දු තීරණ ගැනීමේ දී අදාල ආයතන අතර සම්බන්ධීකරණයේ අඩුපාඩු හේතුවෙන් බරපතල අවදානම් තත්ත්වයන් මතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය. 17 March 2020
ඉරානය සිරකරුවන් 85,000ක් නිදහස් කිරීමේ තීරණයක දේශපාලන රැඳවියන් ඇතුළු සිරකරුවන් 85,000දෙනෙකු තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය තීරණය කර තිබේ. 17 March 2020
කොරෝනා පාලනය කරන්න හදන්නේ අවුරුදු 120 ක් පරණ පනතකින් වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට පවතින නීති ප්රතිපදාන කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය. 17 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026