
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ සිට සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනගිය රැඳවියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවිම නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 200කගේ සහ නිලධාරින් 20කගේ පි.සී.ආර්.පරික්ෂණ අද (27) සිදු කිරිමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
මෙම ආසාදිතයා පසුගියදා වැලිකඩින් හමුවු ආසාදිතයා සමග සමීප ඇසුරක් පවත්වා ඇති අයෙකු බවත් ඔහු ගාල්ල බන්ධනාගාරයට ගෙනැවිත් පසුව සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයට යවා ඇති අතර එහිදි දින 18කට පසු තුන්වැනි අවස්ථාවේ සිදු කරන ලද පි.සී.ආර්.පරික්ෂණයේදි ඔහුට කොරෝනා වෛරසය ආසාදනයවි ඇති බවට තහවුරුවි තිබේ.
එනිසා ඔහු සමඟ ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියන් සහ නිලධාරින් මෙසේ පි.සී.ආර්.පරික්ෂණයට යොමු කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත්පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd