(නිමල කොඩිතුවක්කු)
විශේෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම්දීම සදහා පොලිස් මූලස්ථානය විසින් සිට 1997 සහ 1917 යන විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත.
ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම්, මහජන සාමයට බාධාවක් වන ක්‍රියාකාරකම්, මහාපරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනිම් ආදී තොරතුරු 1997 අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලිමක් කරනු ලැබීය.
අපරාධ කල්ලි සාමාජිකයන් සහ වෙනත් කුට ගනුදෙනුකරුවන් විසින් උපයාගනු ලබන නීතිවිරෝධී වත්කම් පිළිබඳ තොරතුරු, බුද්ධිමය දේපල වරද සම්බන්ධයෙන් තොරතුරු 1917 අංකයට දැනුම් දෙන ලෙසත් ඔහු සඳහන් කළේය.
1997 අංකයට ලැබෙන තොරතුරු පොලිස් මූලස්ථානයේ ඇති විශේෂ රහස්‍ය ඒකකයක් මගින් විමර්ශනය කෙරෙන අතර 1917 අංකයට ලැබෙන තොරතුරු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ දැනට පිහිටුවා ඇති නව ඒකකය මගින් මෙම විමර්ශන මෙහයවනු ලබයි.
මහජනතාවගේ රහස්‍යබාවය ආරක්ෂා කරමින් මෙම දුරකථන වලට ලැබෙන තොරතුරු විමර්ෂණය කරනු ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකොටික් එක දුන්නු ආදර්ශය හැටියට මිනිස්සු ඔහේලව සත පහකට විශ්වාස කරන්නේ නෑ. මත්ද්‍රව්‍ය ගැන තොරතුරක් දෙන එක ගැන මිනිස්සු දෙවතාවක් හිතන්න පෙළඹෙන්නේ මේ නිසා. රටේ හැමෝම කැමතියි මත්ද්‍රව්‍යවලට විරුද්ධව පියවර ගන්න. නමුත් රාජ්‍ය අංශයේ වගකිව යුතු අයගේ නිරුවත දැකදැක ජනතාව ජීවිත අනතුරේ දාගන්න එකක් නෑ...
පක්ෂ, විපක්ෂවල සිටින ඇතැම් දේශපාලකයන් සඳහා මේ ක්‍රියාදාමය අදාල නොවේද? කුඩ්ඩන් පාතාලයින් හා සම්බන්ධකම් ඇතැයි කියන දේශපාලනඥයන් සිටියදී, ජනතාව බියක් සැකක් නොමැතිව තොරතුරු දීමට ඉදිරිපත් වේවිදැයි සැකයක් මතුවෙනවා නේද? පසුගියදා ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් සිතාබලන විටදී පොලීසියට තොරතුරක් ලබාදීමට ජනතාව ඉදිරිපත්වේ දැයි සැකයක් පවතී. ඒවා කුඩ්ඩන්, පාතාලයන් අතට ගියොත් ඒ තොරතුරු දෙන තැනැත්තාට දෙවියන්ගේම පිහිටයි නේද?
මුලු රටටම තර්ජනයක් වුණු 225 දෙනෙක් ගැන තොරතුරු දන්වන්න කියලා කෝල් කළාම ඒ අය මගෙන් අහනවා ඔය නොම්මර දුන්නේ කවුද කියලා... එහෙම එකක් ගැන ඒ අය දන්නේ නැහැ කියලා...