ස්විස් සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න අගමැති නිලධාරිනියගෙන් සහය ඉල්ලයි කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුබද්ධිතව සේවය කළ ස්වදේශීය නිලධාරීනියක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) එම නිලධාරිනියගෙන් සහය ඉල්ලා සිටියේය. 29 November 2019
‘විපක්ෂනායක අර්බුදය පාර්ලිමේන්තුව රැස්වන්නට පෙර විසදෙයි’ විපක්ෂනායකධූරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විසඳනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා අද (29) පැවසීය. 29 November 2019
පාසල් පෙළ පොත් හිඟයක් පාසල් සිසුන්ට 2020 වසර සඳහා ලබාදීමට නියමිත පෙළ පොත්වල හිඟයක් පවතින බව වාර්තා වේ. 29 November 2019
ඉන්දීය අගමැති මෝදිගෙන් ඩොලර් මිලියන 450 ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ද ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ද ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (29) පැවැසීය. 29 November 2019
‘සුරක්ෂා රක්ෂණය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා’ පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය ජාතික වගකීමක් ලෙස සලකා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. 29 November 2019
අනෝමා රාජකරුණාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක් සිනමාවේදිනී අනෝමා රාජකරුණා මහත්මිය ප්‍රංශ රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ ගෞරව සම්මානයෙන් දෙවැනි වරටත් පිදුම් ලබා ඇත. 29 November 2019
මැකෝ ඉල්ලා අස්වීමේ ලිපිය යවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. 29 November 2019
රෝයල් පාර්ක් සැකකරුට රටින් පිටවීම වළක්වන නියෝගයක් ජනාධිපති සමාව ප්රදානය කරමින් නිදහස් කරනු ලැබූ රෝයල් පාර්ක ඝාතන නඩුවේ ප්‍රධාන චුදිතයාව සිටි ජුඩ් සමන්ත ජයමහ නැමැත්තා රටින් පිටවීම වළක්වාලන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නිකුත් කළේය. 29 November 2019
උතුරු දුම්රිය මඟේ ධාවනය යළි සාමාන්‍ය අතට දින දෙකකට පසුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) අලුයම සිට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි. 29 November 2019
ජනපති ඉන්දීය විදෙස් කටයුතු ඇමැති හමුවෙයි ඉන්දියානු නිල සංචාරයක යෙදි සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 29) ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය. 29 November 2019
‘රජයේ දවසක පාඩුව කෝටි 200 යි’ රජයේ දවසක ආදායම රුපියල් බිලියන 5.2ක් වනවිට වියදම රුපියල් බිලියන 7.2ක් වන බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. 29 November 2019
නව රජයෙන් තවත් බදු සහන උපයන විට ගෙවීමේ බද්ද, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් ගිණුම් සඳහා පනවා ඇති රැඳවුම් බද්ද සහ තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම බදු නව රජය මගින් දැනට සිදුකර ඇති බදු සංශෝධනය යටතේ සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (28) පැවැසීය. 28 November 2019
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය අහෝසි කෙරේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට අද (28) රැස්වූ ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 28 November 2019
‘‘ජනපති පැමිණීමෙන් පසු නව ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත්කරනවා‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු ආරක්ෂක අංශ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (28) පැවැසීය. 28 November 2019
ටැබ් - සුරක්ෂා රක්ෂණය ලබාදීම තාවකාලිකව අත්හිටුවයි උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම සහ පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. 28 November 2019
රෝයල් පාර්ක් සිද්ධියේ සැකකරුට එරෙහි පෙත්සම හෙට සලකා බැලේ රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. 28 November 2019
ජල සම්පාදන මණ්ඩලය කෝටි 140 ක් අවභාවිත කරලා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කොළඹින් දකුණු නගර ජල ව්‍යාපෘතිය, මාතර ජල ව්‍යාපෘතිය හා අවිස්සාවේල්ල ජල ව්‍යාපෘතිය යන ජල සම්පාදන ව්‍යාපෘතිවලින් රුපියල් කෝටි 140 කට අධික මුදලක් අවභාවිතා වී ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය කියයි. 28 November 2019
නියෝජ්‍ය ඇමැති තිදෙනාටත් රාජ්‍ය ඇමැති තනතුරු නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ඊයේ (27) පෙරවරුවේ දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඊට පැය කිහිපයකට පසු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇති බව වාර්තා වේ. 28 November 2019
ජනපතිගේ නම භාවිත කර වාසි ලබාගන්නා අයට එරෙහිව පියවර ජනාධිපතිවරයාගේ නම භාවිත කරමින් ජනතාව මුළාකර වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 28 November 2019
කටුපොල් වගාව තහනම් කිරීමට යයි වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. 28 November 2019
හෙරොයින් ළඟ තබාගත් අයෙකුට දිවි ඇති තෙක් සිර දඬුවම් හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවිතාන්තය දන්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (28) නියම කළේය. 28 November 2019
බැසිල්ගේ ලිත් නඩුව මාර්තු 30ට කල්යයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩු විභාගය ලබන වසරේ මාර්තු 30 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (28) නියම කළේය. 28 November 2019
ස්විස් නිලධාරිනියගේ සිද්ධිය ගැන විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීමේ සිදුවීම බරපතල කරුණක් ලෙස සළකා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 28 November 2019
ජනපතිගේ සංචාරයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් නවදිල්ලි නුවර උද්ඝෝෂණයක නිරත වී සිටි එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක රාජ්‍ය සභාවේ සාමාජික වයිකෝ ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 28 November 2019
විපක්ෂ නායකත්වය සජිත්ට දෙන්නැයි මන්ත්‍රීවරු 57 දෙනකුගෙන් කතානායකට ලිපියක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් කළ ලිපියක් පෙර කතානායකවරයාට භාර දී තිබේ. 28 November 2019
සුදුසුකම්ලාභී වෘත්තිකයන් තෝරන්න විද්වත් කමිටුවක් රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට සුදුසුකම්ලාභී වෘත්තිකයන් තෝරා ගැනීම සඳහා 6 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත. 28 November 2019
දකුණේ අධිකාරි 5ක සභාපතිවරුන්ට ඉල්ලා අස්වන්නැයි නියෝගයක් දකුණු පළාත් සභාව යටතේ පවතින අධිකාරි පහේ සභාපතිවරුන්ට අද (28) සිට සභාපතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම් දුන් බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ. යු වේලාරත්න මහතා පවසයි. 28 November 2019
තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 27 November 2019
අජිත් නිවාඩ් කබ්රාල් අගමැතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක තනතුරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ලැබ ඇත. 27 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026