
(නිමල කොඩිතුවක්කු)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් අගමැතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(29) පැවසීය.
මැතිවරණ ව්‍යාපාරයේ අවසාන සතිය වනවිට මෙවැනි කමිටු වාර්ථා එලිදැක්වීම මගින් රාජපක්ෂ වික්‍රමසිංහ කුමණ්ත්‍රණය කරලියට එළැඹ ඇති බවට පෙන්නුම් කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදල්ලේ මුදල් ආගමික සිද්ධස්තාන සංවර්ධනය කිරීම සඳහා වියදම් කළ බවත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුලු රජයේ ආයතන මෙම සංවර්ධණ කටයුතු සඳහා යොදාගත් බවත් ඔහු සඳහන් කළේය.
මෙම වාර්තාව සඳහා සජිත් ප්‍රේමදාස හෝ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීමක් හෝ කර නොමැති බවත් මෙය මැතිවරණය ඉලක්ක කරගනිමින් සැකසූ ඒකපාර්ශවික වාර්තාවක් බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙලිෆෝන් එකට එන කෝල් නවත්තන්න නේ ඔය ප්ලෑන් ගහන්නේ?
අරමුදලේ රුපියල් බිලියන 7ක් ආගිය අතක් නැතිලු. මැතිවරණයෙන් පස්සේ වගකිව යුතු ලොක්කෙක් අත්අඩංගුවට ගන්න යනවලු... මතකයිනේ මේගොල්ලන්ට විරුද්ධව ඡන්දයක් ඉල්ලන්න ගිහින් හිටපු හමුදාපතිවරයෙකුට වෙච්චි දේ...
මේ ක්‍රමය රාජපක්ෂලාගේ ක්‍රමයක්. ඕනෑම ඡන්දෙකට කලින් මෙවැනි උප්පරවැට්ටි හදන්න ඔය මැදමූලන කට්ටිය දක්ෂයි. හැබැයි මේ පාර සජිත් මහත්මයා ජයග්‍රහණය කළපසු ඔය ඔක්කොම බොරු චෝදනා පාරාවළල්ලක් වෙලා රාජපක්ෂලාටම එනවා ස්ථිරයි. මහජනතාව බලාගෙන ඉන්නේ 5 වෙනිදා එනකම්.
මන් හිතන විදියට යහපාලන මරාලේ සංස්කෘතික අමාත්‍යාංශය බාරව හිටියෙ සජී. ඒකයි මේ මෙයාට ඩෝං ගිහින් තියෙන්නේ.
ඕකත් අර මහින්ද රාජපක්ෂ හෙල්පින් හම්බන්තොට නඩුව ඇප ඡන්දෙට ඉස්සර වෙලා කිව්වා වගේ ලිස්සලා යවන්න පුළුවන් වෙයි.