
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් හා නිලධාරින් 239 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා සඳහන් කළේය.
පී. සී.ආර්. පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකළ බවත් අද (28) දින නිකුත් වූ එම වාර්තාවන්ට අනුව ඉන් කිසිවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බවත් වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 207 දෙනෙකු හා නිලධාරින් 32 දෙනෙකු පී. සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදි ඇතිවූ සැකයක් මත මාදුරුඔය නිරෝධායන මධ්‍යස්ථායට මාරුකොට යැවූ රැඳවියකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ හා නිලධාරින්ගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකරණු ලැබීය.
එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 107 දෙනෙකු අද (28) දින පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකළ බවද වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් කරලා රටේ මිනිස්සු තවත් අමාරුවේ දාන්න එපා.