
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මුහුණු පොත හරහා සංවිධානය වී කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි තරගයක් පැවැත්වීමේ චෝදනා ලද තරුණයන් 36 දෙනාට රුපියල් 14 ලක්ෂ දහසක දඩයක් නියම කිරීමට කැස්බෑව අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සැකකාර තරුණයන් වරද පිළි ගැනීමෙන් අනතුරුව එම දඩය නියම කළාය.
මෙලෙස දඩ නියම කෙරුණේ පිළියන්දල, කැස්බෑව ,මොරටුව ,බණ්ඩාරගම,රත්මලාන ,ගල්කිස්ස,කහතුඩුව ,පොල්ගස්ඕවිට පදිංචිකරුවෝ වෙති.
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා හා පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් විසි දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඉකුත් 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ අන්තරාදායක ලෙස යතුරුපැදි පදවමින් සිටිය දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුනයින්ගේ විනෝදාංශ වලටත් රජය මැදිහත් විය යුතුයි. මහපාරවල මෝටර් සයිකල් තරග පවත්වන්නේ ඒ සදහා අවශ්‍ය පහසුකම් නැති නිසායි. මේ ක්‍රමය මාර්ගයේ පදිකයින්, වාහන පදවන්නන් සහ මෝටසයිකල් ධාවන කරුවන් සියල්ලන්ටම අනතුරු දායකයි. ඒ නිසා දැනට රටේ තියෙන මෝටර් රත ධාවන තරග පතයන් පිලිසකර කර නවීකරනය කර දෙන්න. අලුත් ධාවන පත රටේ හැම පලාතකටම එකක් හෝ ඇතිකරන්න.
හොඳ වැඩේ, ඒ වගේම අර පුත්තලම පැත්තේ කට්ටියක් හෙල්මට් නැතුව රේස් පැද්දා, එයාලටත් නීතිය ක්‍රියාත්මක කරන්න.