.‘ජාතික පාසල් 274 කට විදුහල්පතිවරු නෑ’ දිවයින් පුරා පිහිටි ජාතික පාසල් 383 න් 274 කටම විදුහල්පතිවරුන් නැතැයි අධ්‍යාපන ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 01 December 2019
සජිත්ගේ පරාජයට හේතුව දෙමළ ජාතික සන්ධානයයි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන හේතුව දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දක්වමින් ප්‍රසිද්ධ මැතිවරණ ප්‍රචාරයක නිරතවීම බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි. 01 December 2019
උත්සව සමය වෙනුවෙන් වී කිලෝ පනස් දෙලක්ෂයක් නිකුත් කෙරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ වී ගබඩාවල ඇති වී කිලෝ පනස් දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් උත්සව සමයේදී වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ලංකාදීපයට පැවසීය. 01 December 2019
කාසල්රි - මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්නව ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති . 01 December 2019
ප්රභාකරන්ගේ ඡායාරුප ෆේස් බුක් හරහා බෙදාහැරීමට උත්සාහ කළ තරුණයෙක් අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන් ගේ ඡායාරුප මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමට උත්සාහ කළ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත්වූහ. 01 December 2019
හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් අගමැති අතේ ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපි ගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇත. 01 December 2019
බදුල්ලේ පවුල් 77 ක් කඳවුරු තුනක රඳවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 200 ක පුද්ගලයින් 800 ක් පමණ අද (1) වන විට බලපෑමට ලක්වී ඇති බවත් එයින් නාය අවදානමෙන් පවුල් 77 ක් පදිංචි ස්ථානවලින් ඉවත්කර කඳවුරු තුනක රඳවා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා පැවසීය. 01 December 2019
මඩොල්සිම පවුල් 46 ක් ඉවත් කෙරේ මඩොල්සිම වතුයායට අයත් ගල්උල්ලවත්ත ඩූමෝ කොටසේ මතුව ඇති නායයාමේ අවදානම් තත්වයක් හේතුවෙන් ලැයිම් කමරවල පදිංචිව සිටි පවුල් 46ක් ඉවත්කිරීමට අද(01) පියවර ගත් බව ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා පැවැසීය. 01 December 2019
ආපදාවලට ලක්වූ පෙදෙස්වල සිසුන් ළඟම විභාග මධ්‍යස්ථාන වෙතට ආපදාවට ලක්වූ ප්‍රදේශවල පිහිටි විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන සිසුන් අවශ්‍ය වුවහොත් ළඟම පිහිටි විභාග මධ්‍යස්ථාන වෙත යොමුකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ‘ලංකාදීප’යට පැවැසීය. 01 December 2019
මැතිවරණ කොමිසම ගැන එ.ජා.ප ය ව්‍යවස්ථා සභාවට කියන්න යයි මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන් චෝදනා ගැන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරන්නේ යැයි එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ‘ලංකාදීප’ යට අද(1) පැවැසීය. 01 December 2019
කප්පම්කරුවෝ 6 ක් එස්ටීඑෆ් දැලේ රණාල, ජල්තර, ඇඹුල්ගම හා නවගමුව යන ප්‍රදේශවල පුද්ගලයන් බියකර කප්පම් ගැනීමේ නිරත සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන අංගොඩ ලොක්කාගේ හා ඌරුජුවා හා ඉන්ද්‍රා නැමැත්තන්ගේ ගෝලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 01 December 2019
සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ 7 ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2019 විභාගය රටපුරා විභාග මධ්‍යස්ථාන 4987 කදී හෙට (2) ආරම්භ කෙරේ. 01 December 2019
රාජ්‍ය ඇමති වාසුගේ රිය යතුරු පැදියක ගැටෙයි ජල සම්පාදන පහසුකම් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගී නිල රථය හයිලෙවල් මාර්ගයේ ගොඩගම 27 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් අද (01) දින දහවල් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. 01 December 2019
වැස්සෙන් දිස්ත්‍රික්ක 11ක ජනයා පීඩාවට දිවයිනේ දිස්ත්‍රික්ක 11කට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,156කට අයත් 4,126 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර මරණ තුනක් ද වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 December 2019
බදුල්ල-පස්සර එක් මංතීරුවක් විවෘත කරයි පස් හා ගල්කඩා වැටීමෙන් අවහිර වීමෙන් වසා දැමූ බදුල්ල - පස්සර මාර්ගයේ අවහිරතා ඉවත්කර මේ වනවිට එක් මං තීරුවක් ගමනා ගමනයට විවෘත කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 01 December 2019
කොක්අඩිචෝලෙහි වළ දමා තිබූ අත්බෝම්බ 24 ක් සොයාගනී මඩකලපුව වව්නතීව් කොක්අඩිචෝලේ ප්‍රදේශයේ වළදමා තිබු තිබු 82 වර්ගයේ අත්බෝම් 24ක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 01 December 2019
‘අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති කීවා’ “මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා ලාකංදීපයට අද(01) පැවැසීය. 01 December 2019
වැස්සෙන් අතුරුදන් වූ තිදෙනෙකුගේ සිරුරු සොයා ගනී නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි තිදෙනෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය. 01 December 2019
බදුල්ල-පස්සර පාර වහයි මහ වැසි සමඟ පස්කඳු හා ගල් කඩාවැටී මාර්ගය අවහිර වීමෙන් පස්සර - බදුල්ල මාර්ගය තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය. 01 December 2019
කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙක අඩි 7 බැගින් අද (1) විවෘත කළ බව කලාවැව වාරි ඉංජිනේරු එම්.එච්.ආර්.බණ්ඩාර මහතා පැවසීය. 01 December 2019
මම දේශපාලනයේ නැවත උපදිනවා “මගේ නිල කාලය ඉවරනිසා සමහරඅය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නෑ. මම දේශපාලනයේ නැවත උපදිනවා”යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(30) පොලොන්නරුවේදී ප්‍රකාශ කලේය. 30 November 2019
මහ වැසි හේතුවෙන් මාර්ගවල බාධා මහ වැස්ස සමග අද සවස මඩොල්සිම පිටමාරුවේ පස්කඳු කඩාවැටීම නිසා වාහන ගමනාගමනය නතර විය. මගී බස්රථයක් පස්කඳු අවහිරතා දෙකක් මැද හිරවී තිබේ. 30 November 2019
නායයාමේ අවදානම් හේතුවෙන් පවුල් 28ක් ඉවත් කෙරේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පූනාගල අම්පිටිකන්ද වතුයායේ දැඩි නායයාමේ අවදානම් මතුවීම නිසා එම වතුයායේ පදිංචි පවුල් 28ක සාමාජිකයන් අනූවක් අද (30) හවස වතු නිවාසවලින් ඉවත් කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 30 November 2019
බස් - ලොරි ගැටුමෙන් 10 කට තුවාල බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඕපනායක හුණුවල ප්‍රදේශයේ දි මගිි ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටුමෙන් අද (30) සවස ඇති වු අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 30 November 2019
තිසේරාට ස්ථාන මාරුවක් විද්‍යා දැරිය ඝාතනය සහ ජනමාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීම ඇතුළු විමර්ශන ගණනාවක් සිදුකරමික් සිටි සහකාර පොලිස් අධිකාරී බී.එස් තිසේරා මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ. 30 November 2019
තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු සීඅයිඩීයට ලබාදෙයි ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් වෑන් රථයක රඳවාගෙන ඇයට තර්ජනය කිරීමේ සිද්ධියට අදාල තොරතුරු ස්විස් තානාපති කාර්යාලය විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. 30 November 2019
නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට උසස්වීම් ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු වැඩ බලන පදනමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර ඇති බව ජාතික පොලිස් කොමිසන් සභාව කියයි. 29 November 2019
‘‘ආණ්ඩුව හඳුන්වා දුන් සහන පැකේජය ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක කළ යුතුයි‘‘ ආර්ථිකය තුළ ප්රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ආණ්ඩුව හඳුන්වා දුන් සහන පැකේජය ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරියේදී ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් කරනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (29) පැවැසීය. 29 November 2019
‘‘අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදාහැරීමට පියවර ගන්නවා‘‘ ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදාහැරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නවදිල්ලි අගනුවරදී අද (29) පැවැසීය. 29 November 2019
‘‘ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු රට මිලිටරිකරණය කිරීම නෙවෙයි‘‘ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු රට මිලිටරිකරණය කිරීම හෝ තමන් අකමැති නිලධාරීන් ඉවත් කර හෝ වෙනත් ස්ථානවලට මාරු කර තමන් කැමති පුද්ගලයන් ළඟට ගැනීම නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (29) පැවසීය. 29 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026