හිටපු දැව සංස්ථා සභාපති-ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී නඩු තීන්දුව19 හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුවේ තීන්දුව ලබන 19 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (04) දින තීන්දු කරන ලදී. 04 December 2019
හිඟ පෙළ පොත් ජනවාරියේදී දෙයි ලබන පාසල් වාරය ආරම්භ කරන පළමු දිනයේදීම සිසුන්ට හිඟ පෙළපොත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 04 December 2019
අ’පුර රෝහල් වැඩබලන අධ්‍යක්ෂක ඉවත්කරන්නැයි වෘත්තීය සමිති ඉල්ලති අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා වහාම ඉවත්කර පැය 48 ක් තුළ ස්ථිර අධ්‍යක්ෂකවරයකු පත්කිරිමට බලධාරින් ක්‍රියා නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැබෙන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාකාරි එකමුතුව පවසයි. 04 December 2019
වලපනේ ගල්කොරියේ වැඩ නවතී වලපනේ, මලපට්ටාව ප්‍රදේශය නායයාමට ප්‍රධාන හේතුවක් වූ බව කියන, ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර තිබෙන බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය. 04 December 2019
උසස් අධ්‍යාපන ඇමැතිගේ ප්‍රකාශයකට ගුරු සංගමයෙන් විරෝධය ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය තීරණය කර ඇති බවට බන්දුල ගුනවර්ධන අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයට විරෝධය පළ කරන බවත් එම ප්‍රකාශය තුලින් රජයේ පාසල් වලට ගුරුවරුන් බදවා ගැනීම ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට පටහැනි බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි. 04 December 2019
සා.පෙළ ලියන්න එද්දි සර්පයෙකු දෂ්ට කරලා මහියංගනය අධ්‍යාපන කලාපයට අයත් අරාව විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී අද (04) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සිය නිවසේ සිට කැලෑබද මාර්ගයක් ඔස්සේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටි පාසල් ශිෂ්‍යාවක් මහ මගදී සර්පයකු දෂ්ට කිරීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව අද (04) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර තිබේ 04 December 2019
රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද(04) උදෑසන අභාවප්‍රාප්ත විය. 04 December 2019
එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස් කළ 12 ක් ස්විස් අධිකරණය නිදහස් කරයි එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව සඳහන් කරමින් එම සංවිධානයට අරමුදල් රැස් කළ බවට චෝදනා ලැබ සිටි 12 දෙනකු නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් අද (3) නියෝග කරනු ලැබීය. 03 December 2019
හිටපු ඇමැතිවරු දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස බාර දී නෑ ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ගෙන් දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස මෙතෙක් ආපසු බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 December 2019
කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය කරුණු විමසයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් දුන් තොරතුරු පරස්පර බවට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජය තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් කරුණු විමසූ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති ප්රවෘත්ති නිවේදනයක සඳහන් වෙයි. 03 December 2019
ඇවන්ට් ගාඩ් නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ 5 වැනි සහ 12 වැනි විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අද (03) නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළේය. 03 December 2019
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අල් මුල්ලා මහතා අද (03) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. 03 December 2019
ජනපතිවරයාට එරෙහි පෙත්සමකට නිකුත් කර තිබූ අතුරු නියෝගයක් දීර්ඝ කෙරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නිකුත් කර තිබූ සිතාසිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන ජනවාරි 30 වැනිදා තෙක් දීර්ඝ කිරීමට නියෝග කෙරිණි. 03 December 2019
දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 03 December 2019
‘ඌරු ජුවා’ට කප්පම් මුදල් රැස් කළ පාතාලයේ 4ක් අත්අඩංගුවට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාඹුලගේ දිනෙත් මිලාන් හෙවත් ඌරු ජුවා නමැත්තාගේ කප්පම් මුදල් එකතු කිරීමේ යෙදුණු පාතාල සාමාජිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසට කියයි. 03 December 2019
‘තානාපති කාර්යාලයේ නිලධාරීනිය ගැන රාජිතගෙන් අහන්න‘ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගියා යැයි කියන සිද්ධිය පිළිබදව බොහෝ තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා දන්නා බව ඔහුගේ ප්‍රකාශ වලින් හෙළිවන බැවින් පොලිසිය වහා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත යුතුයැයි ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 03 December 2019
කසළ තේ තොගයක් සමඟ 6 ක් අත්අඩංගුවට කොහුබත් යනුවෙන් රේගුවට ව්‍යාජ ප්‍රකාශක් ලබා දී ඉරාකයට අපනයන කිරීමට සැළසුම් කර තිබු කසළ තේ කිලෝ 3,500 ක් අඩංගු කන්ටේනර් 2 ක් රේගු අවදානම් කළමණාකරණ ඒකකය මගින් කොළඹ වරායේදී අද (31) අත්අඩංගවට ගෙන තිබේ. 03 December 2019
ෆවුසි අධිකරණයට යන්න සැරැසෙයි තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණයට එරෙහිව අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා අද (3) පැවසීය. 03 December 2019
‘ලංකාව දෙකට බෙදන්නැයි එංගලන්ත මැතිවරණ ප්රකාශනයට ඇතුළත් කරලා’ එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණයට කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයේ ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස බෙදිය යුතු බවට සඳහන් වන බවද එය මෙරට ස්වෛරීත්වයට එල්ල කළ බරපතල ප්‍රහාරයක් බවද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය. 03 December 2019
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුටුව තෝරගනී ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය. 03 December 2019
ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට එරෙහි නඩුව කල්යයි දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා(රත්තරන්)ට එරෙහිව පවරා ඇති නඩුව අද(03) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන අක්මීමණ පොලිසියට නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බව පැවසීම හේතුවෙන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු (31) දක්වා කල් තැබුවාය. 03 December 2019
නීතීපතිගේ ස්ථාවරය ලැබෙන තෙක් හිරුණිකාට එරෙහි නඩුව කල් යයි පුද්ගලයකු පැහැරගෙන ගොස් වද හිංසා පැමිණ වූයේ යැයි කියන සිද්ධියකට අදාළව චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අදාළ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමකින් තොරව නඩුව අවසන් කිරීමට නීතිපතිවරයාගේ ස්ථාවරය සඳහා ලබන මැයි මාසයේ 4 වන දින දක්වා නඩුව කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද(03) නියෝග කළේය. 03 December 2019
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු දක්වයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගියා යැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(03) අධිකරණයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට කරුණු ඉදිරිපත් කළේය. 03 December 2019
ප්‍රියංකර ජයරත්න චෝදනා දෙකකින් නිදහස් හිටපු සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අල්ලස් චෝදනා දෙකකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(03) නියෝග කළේය. 03 December 2019
අගමැති මහජන සම්බන්ධතා ඒකකය විවෘත කරයි අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (3) පෙරවරුවේදී විවෘත කරනු ලැබීය. 03 December 2019
ටෙලෝ ලේකම්ගෙන් අනතුරු ඇගවීමක් ටෙලෝ සංවිධානයෙන් තමා ඉවත් කළහොත් ඉන් සති දෙකක් ගතවීමට පෙර නව ප්රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධානයේ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා යාපනයේදී පැවසීය. 03 December 2019
සංවිධානාත්මක අපරාධකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට මිනීමැරුම්, කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් සිව්දෙනෙකු නවගමුවේදී අද(03) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 03 December 2019
නාය යාමෙන් අතුරුදන්ව සිටින සිසුවා සෙවීමේ මෙහෙයුම නවතින ලකුණු නුවරඑළිය වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදහන්ව සිටින කලන පැතුම් (15) පාසල් සිසුවාගේ සිරුර සෙවිමේ කටයුතු අද (03) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් මෙහෙයුමේ නිරත ආරක්ෂක අංශ වල අවධානය යොමු වි ඇති නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය. 03 December 2019
හේමසිරි-පුජිත් තවදුරටත් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරු ලබන 17 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනලේ මහතා අද නියෝග කළේය. 03 December 2019
පාර්ලිමේන්තු සැසිය අදින් අවසන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අද රාත්‍රීයේ අවසන් කරනු ලැබීය. 02 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026