
(නිමල කොඩිතුවක්කු)
වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට මුදාහැරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (2) පස්වරුවේ සිදුකෙරිණ.
වසරකට රුපියල් බිලියන සියයක් පමණ මින් ඉතිරි කරගැනීමට හැකි වෙතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා පැවසීය.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ , අමාත්‍යංශ ලේකම් ජේ. ඒ රංජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්... දේශීය දේ ගොඩ නැගිය යුතුයි.
දැනගන්න විදිහට නම් මේ කඩදාසි ටික චීනෙන් ගෙනැල්ලා කියලා මෙච්චර ඉක්මණට මේ වැඩේ කරන්න බැරිවෙයි කියලයි ආරංචිය...
රටේ කඩදාසි, ප්ලාස්ටික්, යකඩ හැම දෙයක්ම අතන මෙතන දාන්නේ නැතුව, පුච්චන්නේ නැතුව ක්‍රමවත්ව එකතු කරලා මේ වගේ ප්රතිචක්රීයකරණය කරන්න ඕනෑ. ඒ වගේම ගරාජ් වල තෙල්, ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිසි විදිහට බැහැර කරන්න ඕනෑ...
හොඳ වැඩක්... පුදුමයි මැතිවරණ කොමසාරිස් මේක නැවැත්තුවේ නැති එක...
බිලියන 100ක කඩදාසි, කතාව නම් හුළං පුම්බපු බැලුමක් වගේ..
බොරු උප්පැන්න සහතික, හොර පාස් පෝර්ට් හදපු අයට ඔයවගේ ලොකු බොරුවක් කරන එක කජ්ජක් නොවේ.. මිනිසුනේ, තක්කඩියන්ට රැවටෙන්න එපා. සංදර්ශන කාරයෙක් විතරයි.
රටේ ආයතන නැවත ගොඩගන්න එක සතුටක්..
ඕවා තමයි කරන්න ඕන.
මා සියලු දේශපාලනයෙන් තොරව සිතනා පතනා කෙනෙක්... මා සිතන්නේ පතන්නේ මාගේ බුදුපියාණන් වහන්සේගේ හා ශ්‍රී සද්ධර්මය අනුව. එහෙත් පොදුවේ සියලු දේශපාලන පක්ෂවල හොඳ නරක මා විසින් විවේචනය කොට තිබෙනවා. ඒ වගේම මේ ක්‍රියාව කවුරු කරත්, ඉතාමත්ම හොඳ දෙයක් බව සතුටු සිතින් පෙන්වා දීමට තරම් අප කාරුණික වෙමු. මෙවන් දේවල් වලින් රටට විශාල මුදල් සම්භාරයක් ඉතිරි කර ගත හැකියි නේද ?
ඔය කම්හලත් චීනෙට හරි ඉන්දියාවට හරි විකුණමු.