මනාප අංක සහිත පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක කිත්සිරි කහටපිටිය මහතාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහුගේ රුව සහ අංකය සදහන් කුඩා කාඩ්පත් බෙදා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බුලත්සිංහල ගලහේන හන්දියේ දී කැබ් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. 05 August 2020
අපේක්ෂකයෙකුගේ මනාප අංකය මුද්‍රිත කාඩ්පත් බෙදලා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අපේක්ෂකයෙකුගේ මනාප අංකය මුද්‍රිත කාඩ්පත් බෙදමින් සිටි පුද්ගලයෙකු අද (05) කළුබෝවිටියන, බන්ඩත්තර කන්ද මංසන්ධිය අසළදී අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි. 05 August 2020
ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට මහමැතිවරණයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය හෙට (6) පස්වරු 2.30 වන විට නිකුත් කිරිමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 05 August 2020
කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 67ක් ලැබිලා මහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද (5) පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා කාලයේදී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 67 ක් ලැබී ඇති බව කැෆේ සංවිධානය පවසයි. 05 August 2020
ඡන්ද මධ්‍යස්ථානය ළඟ අපේක්ෂකයකුගේ රුව සහිත අත්පත්‍රිකා බෙදලා පානදුර කුරුස හන්දිය සුධර්ශනාරාමයේ ජන්ද මධ්‍යස්ථානය අසල මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. 05 August 2020
’ඡන්දය සළකුණු කිරීමේ ඡායාරූප-වීඩියෝ සමාජ ජාලාවල පළකිරීමෙන් වළකින්න’ මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සළකුණු කරනලද පත්‍රිකා ඡායාරූප ගත කර හෝ වීඩියෝ ගතකර සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාව වෙන දැනුම් දෙයි. 05 August 2020
සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ජායාරූප ගත් තවත් අයෙක් දැලේ පිළියන්දල ගෝනමඩිත්ත ශ්‍රී සද්ධානන්ද බෞද්ධ විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානය තුළ දී ජංගම දුරකතනයෙන් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 05 August 2020
නාඳුනන වෙඩි පහරකින් එස් එෆ් ලොක්කා මරුට ජාත්‍යන්තර කරාටි ශුරයකු වූ වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වන එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරොන් රණසිංහ යන අය නාඳුනන පිරිසක් විසින් එල්ල කළ වෙඩි පහරකින් අද (5) මිය ගිය බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි. 05 August 2020
ඡන්දය සලකුණු කර ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට තමන් සලකුණු කළ ජන්දය තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙකු අද (05) අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි. 05 August 2020
බීරූට් පිපිරීමෙන් රෝහල් තුනක් සම්පූර්ණයෙන් විනාශයි ලෙබනන අගනුවර මධ්‍යයේ අද (5) සිදු වූ දැවන්ත පිපිරීමෙන් රෝහල් තුනක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් රෝහල් දෙකකට දැඩි හානි සිදු වී ඇතැයි ද “ඔඩර් ඔෆ් නර්සස් ඉන් බීරූට්” සංවිධානයේ සභාපති වෛද්‍ය මිර්නා ඩූමිට් මහත්මිය ප්‍රකාශ කළාය. 05 August 2020
ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම් ඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුගේ සේවය අත්හිටවූ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි . 05 August 2020
පිපිරීමෙන් මිය ගිය ගණන 78 දක්වා ඉහළට ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ ඊයේ (4) සිදු වූ දැවැන්ත පිපිරීමෙන් 78 දෙනකු මියගොස් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි. 05 August 2020
වැලිමඩ ඡන්දය දෙන්න ආ පිරිසකට බඹරු අනී වැලිමඩ ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයට අද (05) උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයන් පිරිසකට බඹර ඇනීමෙන් එක් අයෙක් තුවාල ලැබූ බව පොලිසිය කියයි. 05 August 2020
ඡන්ද මධ්‍යස්ථානයේ අසනීප වූ පුද්ගලයකු මරුට පානදුර බෙක්කේගම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථාන භූමියේ දී හදිසියේ අසනීප වූ පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පානදුර රෝහල් පොලිසිය කියයි. 05 August 2020
උදෙන්ම ගොස් ඡන්දය දාන්න මේ රටේ ඡන්දදායකයා රජ වෙන හෝරාව එළැඹ තිබේ. එහි වටිනාකම අවබෝධ කර ගනිමින් අද (05) උදෑසනින්ම සූදානම් වී ඡන්ද පොළට ගොස් තම ඡන්දය ප්‍රකාශ කිරීම සියලු ඡන්දදායකයන්ගේ වගකීම වෙයි. වෙනදා මෙන් නොව මෙවර ඡන්ද පොළේදී තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැනක් දීමට ද අමතක නොකළ යුතුය. තමන්ගේ ආරක්ෂාව සෙසු සියලු දෙනාගේම ආරක්ෂාව ද වන බැවිනි. 05 August 2020
ලෙබනනයේ බීරූට් පිපිරීමෙන් 10ක් මියයති ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ සිදු වූ පිපිරීමෙන් දස දෙනකු මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 05 August 2020
රියදුරුත් කොන්දොස්තරත් ලංගම බස් රථයෙන් ගංජා ඇදලා මන්නාරම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක කේරල ගංජා ප්‍රවාහනය කළ රියදුරු හා කොන්දොස්තර පුත්තලම මුලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 05 August 2020
ලෙබනන පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබති ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීමෙන් සිය ගණනකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 August 2020
ලෙබනනයේ බීරූට් අගනුවර දැවැන්ත පිපිරීමක් ලෙබනනයේ, බීරූට් අගනුවර දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි ද ගොඩනැගිලි ගණනාවක් සෙලවීමට ලක්වා ඇතැයි ද කිලෝමීටර ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලිවල පවා වීදුරු බිඳී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 August 2020
ඇෆ්ගනිස්තානයේ බන්ධනාගාරයකට අයි.එස්. ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද්හී බන්ධනාගාරයක දී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීහු දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 04 August 2020
තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් කොරෝනා වයිරසය ආසාදිතයින් හය දෙනෙකු අද (04) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2834 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 August 2020
සිංගප්පුරුවෙන් සංචරණ කටයුතු සදහා නව පියවරක් විදෙස් රටවලින් පැමිණෙන සංචාරකයින් හා රැකියාවල නිරතවන්නන් සංචරණ කටයුතු සිදුකිරීමේ දී පැළඳ සිටිය යුතු නව උපකරණයක් හඳුන්වා දීමට සිංගප්පුරු රජය පියවර ගෙන තිබේ. 04 August 2020
ප්‍රේමලාල්ගේ මරණීය දණ්ඩනය වෙනුවෙන් අභියාචනා පෙත්සමක් රත්නපුර මහාධිකරණයේ දී පසුගිය 31 වැනිදා මරණිය දණ්ඩනය නියම වූ හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් ඔහුගේ නීතිඥයින් විසින් රත්නපුර මහාධිකරණයට අද (04) වැනිදා ඉදිරිපත් කළේය. 04 August 2020
සම්පායෝ 18 තෙක් රිමාන්ඩ් මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරිය මහත්මිය අද (4) නියෝග කළාය. 04 August 2020
මැතිවරණයට විදෙස් නිරීක්ෂකයින් නෑ කොරෝනා වසංගත තත්ත්වය සමඟ විදෙස් ගමන් අවහිර වීම හේතුවෙන් මෙවර මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් නොපැමිණෙන බව පැෆරල් සංවිධානය පවසයි. 04 August 2020
දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවම තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා අද (4) මරණ දඬුවම නියම කළේය. 04 August 2020
තවත් 7ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 7දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 04 August 2020
විදෙස් රටවල සිටින පිරිස් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි මහ මැතිවරණය හේතුවෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද (4) සිට ලබන 8 වැනිදා තෙක් යළි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. 04 August 2020
රජයට පිටුපා පෞද්ගලික වෙළෙඳුන්ට වී විකුණති රජයේ සහතික මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් මේ වනවිට විවෘත කර සතියක පමණ කාලයක් ඇතැත් වී ඇටයක්වත් මෙතෙක් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. 04 August 2020
දඹුල්ලේ සම්බාහන මධ්‍යස්ථාන දෙකක 13 ක් නිරෝධායනයට නිරෝධායන නීතියට පටහැනිව රූපලාවන්‍යගාර පවත්වාගෙන යන මුවාවෙන් සම්බාහන මධ්‍යස්ථාන සහ විවිධ ලිංගික උත්තේජන කටයුතු සිදුකළ දඹුල්ල ඉනාමළුව ස්ථාන දෙකක් වටලා 13 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට දඹුල්ල සහ සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (4) පියවර ගත්හ. 04 August 2020
නාමල්ට ඇප දීමට අල්ලස් කොමිසමෙන් දැඩි විරෝධය කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ.. 28 October 2026