
ලෙබනනයේ, බීරූට් අගනුවර දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි ද ගොඩනැගිලි ගණනාවක් සෙලවීමට ලක්වා ඇතැයි ද කිලෝමීටර ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලිවල පවා වීදුරු බිඳී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (4) පස්වරුවේ මෙම පිපිරීම සිදුව තිබෙන අතර බොහෝ ඈත සිට දුම්වළා නැගෙන අයුරු දක්නට තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුන්බුන් අතර සිර වී සිටින මිනිසුන්ගේ ඡායාරූප ලෙබනන මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කර තිබූ අතර ඇතැම් පිරිස් රුධිරයෙන් නැහැවී සිටින අයුරු ද දක්නට ලැබිණි. පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
ලෙබනන් අගනුවර වරාය ප්‍රදේශයක මෙම පිපිරුම සිදුව තිබෙන අතර නගරයේ විශාල ප්‍රදේශයකට පිපිරුමේ කම්පනය බලපා ඇත. එමෙන්ම දිස්ත්‍රික්ක රැසක විදුලිය ද ඇණහිට ඇත.
බීරූට් වරායේ ඇති වූ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිපිරුම සිදුව ඇති බව ලෙබනන මාධ්‍ය මුලින් වාර්තා කර තිබිණි.
“ගොඩනැගිලි හෙල්ලුණා” එක් නගර වැසියෙක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. “එය විශාල පිපිරීමක්. හැතැම්ම ගාණකට ඒකේ සද්දේ ඇහුණා” යැයි තවත් අයෙක් සඳහන් කළේය.
මෙම පිපිරීමෙන් නගරයේ ගොඩනැගිලිවලට විශාල සිදු ව තිබෙන අයුරු ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම පිපිරීමෙන් විශාල පිරිසක් තුවාල ලබන්නට ඇතැයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd