
(ටෝනි කරුණානායක)
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව මීගමුව පොලිසිය පවසයි.
මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර දින 11 කට පසු මීගමුව පොලිසියේ නිලධාරීන් විසින් සැකකරුව කුරුණෑගල නගරයේ දී අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව බන්ධනාගාරයේ සිදු වූයේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරුන් වන ප්‍රශාද් කාලිංග කලුඅග්ගල, උපාලි සරත් බන්ඩාර සහ නිශාන්ත සේනාරත්න යන සැකකරුවන් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණි.
සැකකාර අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා ඉකුත් 29 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිසිය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇට්ටර වැඩ ඔක්කොමකරලා... දේශපාලුවෙක්ගේ නමක් කියලා ඔබගේ " හයිය " පෙන්නපු හැටි...