
(විනීතා එම් ගමගේ)
පුත්තලම දිස්ත්‍රික්කයේ රාජකාරියේ යෙදෙන පොලිසිය අපේක්ෂකයන්ට බියේ කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද (29) පැවසීය.
දිස්ත්‍රික්ක 23 ක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත්ම නීතිගරුක අන්දමින් රාජකාරි කරන බවත් ඔවුන්ට ප්‍රණාමය පුදකරන අතරම පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් අධිකාරිවරයා අපේකෂකයින් නීති විරෝධී කටයුතු කරද්දී බියේ නොදුටු අන්දමින් සිටීම පිළිබඳව කණස්සල්ල පළ කරන බව ද කියා සිටියේය.
අංක තහඩු නැති යතුරු පැදිවල හෙල්මට් නැතිව නීති විරෝධී ලෙස ගමන් කරමින්, නිරෝධායන නීති කඩමින්, පෙලපාලි යමින් පුත්තලමේ අපේක්ෂකයන් කළ නීති විරෝධී ක්‍රියාවන් ගැන තමන් පොලිස්පතිවරයාට ද පැමිණිලි කළ බවත් පොලිසිය කියා ඇත්තේ පැමිණිල්ලක් නොමැති බව වුවත් ඒ පිළිබඳ අවශ්‍ය තරම් සාක්ෂි පවතින බවත් කී ගජනායක මහතා මේ නීති අමු අමුවේ උල්ලංඝණය කරන්නේ හිටපු ඇමතිවරුන් විසින් නිසා පොලිසියට බියේ සිටින බව පෙනී යන්නේ යැයි ද කියා සිටියේය.
මේ වනවිට පැමිණිලි 1500 ක් පමණ තම සංවිධානය වෙත ලැබී ඇතැයි කී ගජනායක මහතා කොළඹ , පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලින් වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බවත් එහි බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව වැඩිම පැමිණිලි ප්‍රමාණයක් එනම් පැමිණිලි 341 ක් ලැබී ඇති බවත් සමගි ජන බලවේගයට එරෙහිව පැමිණිලි 123 ක් ද, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පැමිණිලි 47 ක් ද ලැබී ඇති බව ද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලබාගනිමින් 2/3ක බහුතරයක් සමග පොහොට්ටුව ජයග්‍රහණය කර ඇත.
පුත්තලමේ ඉන්නේ කව්ද කියලා කියන්න ඕනි නෑනේ.
අපි දැක්කා පොහොට්ටු ගොනෙක් මහාමාර්ග නීති අමුඅමුවේ කඩලා ඒක වැරැද්දක් නෙමේ කියනවා. මේ වගේ අයට ඡන්දෙ දෙන්නෙත් ගොන්නු. දැන් අර බුවනෙකබාහු රජතුමාගේ කතාව ගැන කිසි සද්දයක් නැහැ.. අනේ මෙහෙමත් මිනිස්සු..
මොනවද මහත්තයෝ? කෝටිගණන් සල්ලි අරගෙන පැත්ත මාරු කරපු අය... කසිප්පු විකුණන අය, හුස්ම පොදක් ගන්න ඔක්සිජන් නැහැ කියපු අය, ඉන්දැද්දී තව මොනවා කියන්නද? මේ කොරෝනා කාලේ මෙහෙම නම් ලබන සුමානේ ඉඳලා ‘‘කෙලෝනා‘‘ ආවානම් කොහොමද බලමු...?
මොලේ අඩු අපේක්ෂකයෝ වැඩිපුර ඉන්න පළාත්වල වැඩිපුර ප්‍රචණ්ඩ ක්‍රියා. කරුමෙ කියන්නේ දිනන්නෙත් ඔවුන්.