
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් හම්බන්තොට කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ලිඛිත විභාගය සමත් කර දීමට හා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන බව පවසා හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙම මුදල ඉල්ලා එය කාර්යාලය තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වැඩිදුරටත් පැවසුවාය.
එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වංචාකරුවන් අල්ලනවා නම් කොයිතරම් හොඳද? ඒත් මේ සිල්ලර වංචාවන් විතරයි, ලොකු වංචාවන් මෙහෙම කඩිනමින් පොලිස් පොලිස් දැලට අහුවෙන්නේ නැති හැටි මේ රටේ...
ජොබ් එක ඉවරයි නේද? අනේ මෙහෙමත් මැට්ටෝ..
කෝටි ගණන් ගහපු මිස්ටර් 10% නම් කිසි කරදරයක් නැතිව ඉන්නවා.
ලක්ෂ ගණන් පගාව ගන්න කට්ටිය එළියේ... 5000 ගන්න පොඩි අය අල්ලනවා.