
(ටෝනි කරුණානායක)
මීගමුව බන්ධනාගාරය තුළ සිදුකළ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන සැකකරුවන් තිදෙනාව අගෝස්තු මස 04 වැනිදා දක්වා රක්ෂික බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා අද (29) නියෝග කළේය.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර විය.
පසුගිය 24 වැනිදා මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd