
(ක.ග.කරුණාරත්න)
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්‍ධව බව කියන තරුණ අඹු සැමියන් යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් මත්කුඩු සහ කේරළ ගංජා තොගයක් මෝටර් රථයෙකින් ප්‍රවාහනය කරමින් සිටියදී අද(30) අලුයම අරලගංවිලදී අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.
ඔවුන් සන්තකයේ තිබූ කේරළ ගංජා කිලෝ 2යි මිලිග්‍රෑම් 400ක් සහ මත්කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 160ක් සහ එය ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් බලංගොඩ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශන වලදී හෙළිවූ බවත් මේ මත්ද්‍රව්‍ය තොගය අරලගංවිල ප්‍රදේශයේ සිටින ඔවුන්ගේ ජාවාරම්කරුවන්ට සැපයීම සඳහා මෙසේ රැගෙනවිත් තිබෙන බවත් පොලීසිය කළ විමර්ශන වලදී අනාවරණයවී ඇත.
සැකකරුවන් අද(30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංගොඩ ලොක්කා පසුගිය කොරෝනා කාලයේ පැමිණි අය සමඟ ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන, රූපය වෙනස් කරගෙන, මෙරටට ආවාද දන්නේ නැහැ. සමහරවිට සැඟවිලා ඇද්ද දන්නෙත් නැහැ..
අංගොඩ ලොක්කා බන්ධනාගාරගතව ඉන්නවා නම්, ඉන්දියාවේදී වසදී මරා දැම්මේ කොයි ලොක්කාද?