
(ඩයනා උදයංගනී)
ඉතා අබලන් තත්ත්වයේ තිබූ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන්නා සේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද ඉදිරි මාස කිහිපය තුළ පණදීමට තමා සූදානම් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (28) පැවසීය.
වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දිය හැකි යැයි කිසිවකුත් විශ්වාස නොකළ බව කී අමාත්‍යවරයා වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත ටොන් 50කට ආසන්න ප්‍රථම කඩදාසි තොගය මෙම මාසයේ අගදී වෙළඳපොළට නිකුත් කරන බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික කඩදාසි සමාගමට අයත් දැනට වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
වාලච්චේන කම්හලේ යන්ත්රසූත්ර යථා තත්ත්වයට පත් කිරීම බොහෝ දුෂ්කර වූ බව කී ඇමති විමල් වීරවංශ මහතා ඒ වෙත ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් අලුතින් ගැනීමටත් ගොඩනැගිලි සියල්ල යළි පිළිසකර කිරීමටත් සිදුවූ බව ද කීවේය.
ඇඹිලිපිටිය කඩදාසි කම්හල, වාලච්චේන කම්හලට සාපේක්ෂව ආරක්ෂිතව තිබූ බව කී ඇමතිවරයා එහි යන්ත්‍ර සූත්‍ර හොඳින් පවතින නමුත් විදුලි පද්ධතියට තඹ කම්බි සොරාගත් පිරිස් විසින් හානිකර ඇතැයි ද පැවසීය.
ඒවා ප්‍රතිසංස්කරණය කර එම කම්හලේ වැඩ කටයුතු ඇරඹිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වාලච්චේන කඩදාසි කම්හල ලාභ ලබන රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට සූදානම් බව ද කී ඇමතිවරයා එය කළ හැක්කක් බව ඉදිරි මාස කිහිපය තුළ ඔප්පු කර පෙන්වන බව ද ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ 2005-2015 වෙනකන් හිටියනේ, මොනවද කලේ.?
බොහොම හොඳ ප්‍රවණතාවයක්. කවුරු කරත් හොඳ දේට හොඳයි කියන්න ඕන. අපේ රටේ දේවල් අපි හදා ගත්තනං ලංකාව අද ලෝකයේ දියුණුම රටක්.
එහෙනම් තව මාලිගා 2ක් 3ක් ම හදන්නයි යන්නේ...
අපි ඔබගේ ධනාත්මක උත්සාහය අගය කරමු, හැකි සෑම උදව්වක්ම දේශපාලනය පසෙක තබා ලබාදීම ජනතාවගේ වගකීමක්.
රජයේ ආයතන කඩා වැටෙන්නේ ජනතාවගේ වැරැද්දක් නිසා නෙවෙයි සමහර දේශපාලුවන්ගේ හොරකම් සහ තමන්ගේ හෙන්චයියන්ගේ ආයතන පිරවීම නිසා.
ඡන්දයට පෙර ''අපි අරක මේක කොරනව " ඡන්දයට පසු" මතක නැහැනෙ " අපි නොදන්නා ඔයාලා.
අනේ මෙයා දෙන පන... නියම බොරු සෝබන කාරයෙක්.
ඡන්දයක් ළඟ එනකොට තමයි මේවා මතක් වෙන්නේ.
කැමැති කෙනෙක් ලියලා තියාගන්න තව මාස 06කින් වාලච්චේන කම්හල වහනවා. මොකද අධික පිරිවැය... බොහොම අඩුමුදලට පිටරටින් ගේන කඩදාසි මිල සමග තරග කරන්නේ කොහොමද කියලා විමලසේනගෙන් අහන්න.
මේවා පනික්කි රාළගේ බොරු වැඩ..
හොර පාස්පෝර්ට් අච්චු ගහන්න කඩදාසි මදිවෙලාද?
අපි නොදන්න "මාවරමංඩියේ විමලේ". චීනෙන් කවුරු හරි සෙට් කර ගත්තාද, හොඳ කොමිස් එකකට?
ගොඩක් අය නොදන්න දේ තමයි ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව විනාශ කලේ 2005-2015 ආණ්ඩුවෙන් බව.
පිස්සු කරන්න එපා හලෝ... ඉවසාගන්න බැරිනම් පිහිට පතනවා.
ඇමැතිතුමනි, ඔබගෙන් රටට වෙන වැඩ ජෙප්පන්ටයි, යූ.එන්.පී. එකටයි විඳගන්න බැරුව මෙතන දොඩවනවා. 2015-2020 කාලේ මේ කර්මාන්ත ශාලාව පරණ යකඩවලට විකුණුවා නම් මේ ගොල්ලන්ට මාර ජොලි. අනේ මෙහෙමත් අය...
හොඳයි, හොඳයි.. වැඩ පටන්ගෙන හොඳට ලාභ ලබනකොට, වරාය විකුණන්න හොර ගිවිසුම් ගැහුවා වගේ ඕකත් ලොක්කත් එක්ක එකතුවෙලා ඉන්දියාවට හරි, චීනයට හරි විකුණලා දාමු. ඒකනේ ලංකාවේ ඉන්න කාලකණ්ණි දේශපාලුවන්ගේ කෙරුවාව..