
(ජයන්ත සමරකෝන්)
වාරියපොල බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගොස් ජාවාරම් කළ බවට චෝදනා ලද එහි නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
සිය යට ඇඳුමේ සඟවා මොහු මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
රැඳවියන් දෙපිරිසක් අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් පිළිබඳව සොයා බැලීමේදී සැකකාර නියාමකවරයාගේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා කීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් විතරද? වෙන දඩුවමක් නැද්ද?