
(ක.ග.කරුණාරත්න)
මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මෙට්‍රික් ටොන් 30,000ක් මිළදී ගැනීමට රජය බලාපොරොත්තුවන බව වී අලෙවි මණ්ඩලය කියයි.
ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 06ක් මේ වනවිට විවෘත කර තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
සිරිපුර, පිහිටිවැව, අඹගස්වැව, හිඟුරක්ගොඩ, කදුරුවෙල, අරලගංවිල, 9 කණුව යන ප්‍රදේශවල වී මිළදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘතකර ඇති බවද ඒ මහතා කීය.
මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 30,000ක් රජය මිලදී ගැනීමට බලාපොරොත්තුවන බව ඒකනායක මහතා පැවැසීය.
ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් රජයේ සහතික මිල වන රුපියල් 50 බැගින් මිලදී ගන්නා බවත් එක් ගොවියෙකුගෙන් වි අලෙවි මණ්ඩලය මිලදී ගනු ලබන්නේ කිලෝ 5000ක උපරිම වී ප්‍රමාණයක් බවද වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා කීය.
ප්‍රමිතියෙන් යුක්ත නොවන තෙතමනය සියයට 14 ඉක්මවන වී කිලෝවක් මණ්ඩලය මිලදී ගනු ලබන්නේ කිලෝවක් රුපියල් 44 බැගින් බැගින් යැයිද හෙතෙම පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කලත් රුපියල් 100 අඩුවෙන් සහල් ගන්න නැහැ.
සහල් රටින් ගෙනත් හෝ සහල් මිල අඩුකර රටේ ජීවන බර මේ අවස්ථාවේ අඩු කරන්න, කොරෝනා නිසා මිනිස්සු රැකියා අහිමි වී ව්‍යාපාර කඩා වැටී අසීරුවෙන් ඉන්නේ.. සහල් රුපියල් 80ට වත් දෙන්න බලන්න. නැතිනම් මිනිස්සුන්ට හාමතේ ඉන්න සිදුවෙන්නේ... ආණ්ඩුව නිතරම ගොවියෝ විතරක් ආරක්ෂා කරන්න යන්න එපා.. පාරිභෝගිකයින් ගැනත් හිතන්න.
මොනවා කළත් රජයට ගන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ. ඔක්කොම යන්නේ සිරිසේනගේ මලයට. රජයෙන් ගන්න ගියත් දාහක් නීති රෙගුලාසි දාලා ගොවියන්ට සද්දෙ දාලා වී ටික පුද්ගලික අංශයට හරවලා යවනවා. ගන්න ටිකත් නිකුත් නොකර තියාගෙන ඉඳලා නරක් වුණාම කුකුල් කෑම වලට ගන්නවා. රජයේ මිලදී ගැනීම් සහල් බවට පත්කරලා වෙළෙඳපළට ආවම කාටද පාඩු?.