
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (27 ) උදෑසන ජෝර්දානයේ කරක්හි කම්හලක් වෙත ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ කාර්ය මණ්ඩලය එහි සිටි රැකියා විරහිත සංක්‍රමණික කම්කරුවන්ගෙන් කොටසක් විසින්, තමන් වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලා සිටිමින් පැය පහකට අධික කාලයක් තිස්සේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගත් බව ජෝර්දානයේ අම්මාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ජෝර්දානයේ කරක් නුවර පිහිටි මෙම කම්හලේ සිදුවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණ.
එම කර්මාන්ත ශාලාවේ ඇතිවූ තත්ත්වය සමනය කිරීම සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් නිදහස් කිරීම සඳහා ජෝර්දාන පොලිසිය එහි කැඳවූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. ඉකුත් 22 වැනි දින ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් එම කර්මාන්ත ශාලාවේ දීම වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇසුරුම් 375 ක් බෙදා දුන් බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳින්න ගිය දේවාලේ හිසට කඩාගෙන වැටුනා කියන්නේ මේවට.
සංක්‍රමණික ශ්‍රමිකයන් කියන්නේ අනවසරයෙන් ඒ රටට ඇතුළු වූ අය නේද ... ?
මේවා ඔක්කොම බොරු තානාපති නිලධාරීන් මේ රටේ වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. රටේ සාමාන්‍ය නීතියවත් දන්නේ නැති කට්ටිය.
එක එක විකාර කරන්නේ නැතිව මේ පුරවැසියෝ ටික ලංකාවට ගෙන්වාගන්න. ආණ්ඩුව දැන් මාසෙකට දෙකකට කළින් කිව්වා. අගෝස්තු අවසානය වෙනකොට ඔක්කොම ගෙන්වා ගන්නවා කියලා... මේ වැනි සරල ප්‍රශ්නයකට විසඳුම් දෙන්න බැරි ආණ්ඩුව කොහොමද ලොකු ප්‍රශ්න විසඳන්නේ? රට රකිනවා කියලා භූමිය පමණක් රැකලා මදි. පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන එකත් ඒකට ඇතුළත් වෙනවා.
ලංකාවේ බොහෝවිට තානාපතිවරු ලෙස පත්කරලා යවන්නේ විශ්‍රාමික දේශපාලකයින්, විශ්‍රාමික හමුදා නිලධාරින්, කලාකරුවන් වැනි පුද්ගලයින්... මේ ළඟදි මාලදිවයිනේ තානාපති ලෙස පත්කරලා යැව්වේ අවුරුදු 80ක විතර වයස විශ්‍රාමික නර්තන හා ගායන ශිල්පියෙක්... තානාපති සේවයේ කිසිම පලපුරුද්දක් නැති මොවුන් කොහොමද ප්‍රශ්න විසඳන්නේ?
ඉන්දියාව, පිලිපීනය, බංගලාදේශය ඇතුළු අනිකුත් රටවල් එයාර්පොර්ට් ඇරලා තමන්ගේ මිනිස්සු ගෙන්නගන්නකොට ජෝර්දානයේ රැකියා මාස ගණනක් තිස්සේ අහිමිවෙලා කන්න බොන්න නැතුව ඉන්න අපේ ලංකාවේ ගැහැණු මිනිස්සු දුක් විදින ප්රශ්නය යටගහලා ගහලා බැරිම තැන බොරුවට පෙනීහිටින්න එතනට ගිය තානාපති සේවා හොරු ටිකට ගහලා හිරකළා.. ඒ නිසා පොලිසියෙන් ඇවිත් කදුළුගෑස් ගැහුවා කියලා ටොන් පච කියලා මේ ප්රශ්නය යටගහන්න බැහැ. එතන හිටියේ 90%ක් කාන්තාවෝ කිසිකෙනක් නිලධාරින්ට හිරිහැර කලේ නැහැ. ඔවුන් ප්‍රශ්නයෙන් පැනලා යන්න බැරි තැන හොරෙන්ම පොලිසිය ගෙන්නලා ගැස්සෙව්වා. මේ හදන්නේ විදේශ ශ්‍රමිකයන් කෙරෙහි ලාංකිකයන්ගේ තියන ආකල්ප වෙනස්කරවල, මැරෙන්න අරින්න කියලා කියවා ගන්න. ළඟදීම ලංකාවට දැනෙයි මේ මිනිස්සුන්ගේ ලේ දහදියෙන් එව්ව සල්ලි දැන් එන්නේ නැතිවුණාම දැන් සැපද කියලා..