
(සිරංගිකා ලොකුකරවිට, ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී.ජී සුගතපාල)
යතුරුපැදි ආනයනය දින නියමයකින් තොරව තහනම් කර තිබීම හේතුවෙන් දිවයින පුරා සිටින යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු එම ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 05කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ දැනට මාස තුනකට පමණ පෙර රජය විසින් මෙම තහනම පනවා තිබේ.
යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය පවසන්නේ කඩකාමර කුලී ගෙවීම්, සේවක පඩිනඩි ගෙවීම්, බැංකු ණය සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් තම ව්‍යාපාර කටයුතු දරුණු ඛේදවාචකයකට පත්ව ඇති බවයි.
ඔවුන් මේ බව පවසා සිටියේ යතුරුපැදි ආනයනය අත්හිටුවීම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධව දැනුම්වත් කිරීම සඳහා දකුණු පළාත් යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය විසින් අද (27) ගාල්ලේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුව සඳහා දකුණු පළාතේ සියලුම යතුරුපැදි අලෙවි නියෝජිත ආයතන නියෝජනය කරමින් 350 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී අදහස් දක්වමින් දකුණු පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අසිත පෙරේරා මහතා මෙසේ පැවසීය.
"රජයේ මෙම තීරණය නිසා දිවයින පුරා විසිරී සිටින යතුරු පැදි අලෙවි නියෝජිතයන්, සේවා ආයතන, කඩ හිමියන් සහ යැපෙන්නන් ඇතුළු විශාල පිරිසකගේ ජීවනෝපාය දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
හෙල්මට් නිෂ්පාදකයින්, ශීට් කවර නිපදවන්නන් ඇතුළුව මෙම ව්‍යාපාරයේ වක්‍රාකාරව ඇති රැකියා අවස්ථා සියල්ල කඩා වැටිලා.
දැනට තිබෙන යතුරුපැදි තොග ප්‍රමාණවත් වන්නේ මේ මාසයේ අලෙවි කිරීමට පමණයි. අගෝස්තු මාසයේ සිට ව්‍යාපාර ඉදිරියට කරගෙන යෑමට දැඩි අපහසු තත්ත්වයක් උදාවී තිනෙවා.
අපගේ මව් සමාගම් මේ තත්ත්වය සම්බන්ධව අදාල බලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කළත් මෙතෙක් කිසිම විසඳුමක් ලැබී නැහැ.
මේ සමස්ථ ව්‍යාපාරය මගින් වාර්ෂිකව ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 122 ක පමණ දායකත්වයක් ලබා දෙනවා. අප රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලුවට කඩිනම් සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ආනයනය කරන්න විදේශවලට ඇදිලා යන ධනය ගැන මොකද මේ අය එතකොට කියන්නේ? යතුරුපැදි නිසා රටේ මාර්ගවල ඇතිවෙලා තියෙන අක්‍රමවත්ව බව, අනතුරු ඉහළ යාම නිසා රටට වෙන පාඩුව ගැන කතා කරන්නේ නැද්ද? මේ ආනයනය සීමා කිරීමට රජය ගෙන ඇත්තේ ඉතාම හොඳ තීරණයක්... ආර්ථිකය යහපත් වුණම මේ සීමා ටිකක් ලිහිල් කරාට කමක් නැහැ. දැන් නං අපිට අවශ්‍ය මේ අයගේ ජීවිකාව රැක දෙන්න කියලා රටේ සල්ලි පිටරටට පූජා කරන්න නෙමෙයි. රටේ අලුත් නිෂ්පාදන ඇති කරන්න.
ආනයනය කරන්න රටේ මුදල් විශාල ප්‍රමාණයක් වැයකරලා ජාතික ආර්ථිකයට දායක වන්නේ කෙසේද? නැත්නම් ජාතික ආර්ථිකය කිව්වේ ඉන්දියාවේද?
2019 වසරේදී යතුරුපැදි ලක්ෂ 46ක් ආනයනය කර ඇති බවට එක්තරා පුවතකින් කියනවා. එය රටේ සමස්ථ ජනගහනයෙන් හතරෙන් පංගුවකට මඳක් අඩු අගයක්... අපේ රටේ කට්ටිය මේවා කනවා වත්ද...?
වාහන ආනයනය කියන්නේ රටේ ප්‍රමුඛත්වය අඩුවෙන්ම දිය යුතු කර්මාන්තයක්. ඊට වඩා රටේ නිෂ්පාදනය වැඩිකරන කර්මාන්තවලට මුල් තැන් ලැබිය යුතුයි...
අපිට ඕනේ විදිහට රට දුවන්න බැහැ.. මහත්තයෝ... පොදු තීරණයක් ගන්නේ රටේ සුබ සිද්ධියට ...රුපියල හිඟන මට්ටමකට වැටිලා.. මම පොඩිකාලේ ඇ.ඩොලර් 1ක් රුපියල් 19යි. අද? ආනයන උපරිම අඩුකරලා රටේ නිෂ්පාදන වැඩිවෙන තීරණවලට සහය දක්වන්න. රටේ සංවර්ධනය ගැන හිතන්න. තමන්ගේ බඩ නෙවෙයි, රට දියුණු වුණොත් නිකන්ම තමන්ගේ ආර්ථිකය හොඳවෙයි. ඔය ඇමෙරිකාව, එංගලන්තය, චීනය වගේ රටවලට ගිහින් බලන්න කොහෙද අපට වැරදිලා තියෙන්නේ කියලා..
දැන්නම් පාරෙ යන්නත් බැරි තරම් මෝටර් සයිකල්... තහනම දිගටම තියන්න.
නැවත ගෙන්වීමට අවසර දෙනවා නම් ඉන්දියාවෙන් හැර වෙනත් උසස් තත්වයේ යතුරුපැදි ගෙන්වීමට අවසර ලබාදිය යුතුයි. ඉන්දියාවෙන් ගෙන්වන බාල යතුරුපැදි නිසා අමතර කොටස් සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ප්‍රශ්නත් තියෙනවා.
බිලියන 22 මෙහෙට නෙවෙයිනේ මහත්තයෝ ඒවා ඔක්කොම ඉන්දියාවට නේද? ඕකෙන් කීයද ලංකාවේ ඉතිරි වෙන්නේ?