
(මහනුවර විශේෂ චමිල් රූපසිංහ)
ශ්‍රී දළදා මාලිගාව අබියසින් අද (25) රාත්‍රී 7.13 ට දකුණු දිශාභිමුඛව පිටත් වන පළමු කුඹල් පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන ඉහළට විත් ආපසු පැමිණීමට නියමිත බව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
දියවඩන නිලමේවරයා පැවසූයේ ජනතා සහභාගිත්වයෙන් තොරව මෙම ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වීමට සිදුවී ඇති මුත් පෙර පැවති පරිදිම සියලුම අංග ඇතුළත් වන පරිදි පෙරහැර පවත්වන බවයි.
සෞඛ්‍ය හේතුන් මත සෞඛ්‍ය බලධාරීන්ගේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත රටේත්, ජනතාවගේත් ආරක්ෂාව සඳහා මෙම තීරණය ගැනීමට සිදුවී ඇති බවත් දියවඩන නිලමේවරයා පැවසීය. ජනතාවට සහභාගී වීමට නොහැකි වුවත් නිවසේ සිටම රූපවාහිනී නාලිකා ඔස්සේ මෙම ඇසළ පෙරහැර දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දී තිබෙන බවද දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 21 දා ආරම්භ විය.
දේවාල තුළ පෙරහර 21 දින සිට 24 දක්වා පැවැත්විණි. කුඹල් පෙරහර දින 5ක් වීදි සංචාරය කිරීමෙන් පසු 30 දින ප්‍රථම රන්දෝලි පෙරහර වීදී සංචාරය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ, ජනතා සහභාගීත්වයකින් තොරව පවත්වන, පළමු ඇසළ පෙරහැර මංගල්‍ය මෙය වෙන්නැති... කුඹල් පෙරහරේ ගමන් කරන ,අලි ඇතුන් සමහර විට හිතනවා ඇති අපගේ සිරිය නරඹන්නට එන රසිකයන් කොහේ ගිහිල්ලද කියලා... කොරෝනාවක් නිසා මෙසේ තනිවෙන්නට සිදුවූ බවක් එයාලගේ මනසට කෙසේ වැටහෙන්නද?