
( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි )
වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ ගැබිනි වාට්ටුවට ඇතුල්වීමට තැත්කළ ඉන්දියන් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
නාඳුනන පුද්ගලයෙකු වෙද නලාවක් අතැතිව රෝහලේ ගැබිනි වාට්ටුවට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අවස්ථාවේ වාට්ටුවේ සිටි වෛද්‍යවරයා ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නිරුත්තර වී ඇතැයිද අනතුරුව මෙම පුද්ගලයාට රෝහලට අනුයුක්ත වෛද්‍යවරයෙකු හෝ වෙනත් සේවකයකු නොවන නිසා රෝහලේ පොලිස් ඒකකය වෙත භාරදී ඇත.
රෝහල් පොලිසිය මගින් සැකකරු ඉන්පසු නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් වෙත බාර කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියන් ජාතිකයකු බවත් ඔහු වසර පහක කාලයක් තිස්සේ තිහාරිය ප්‍රදේශයේ කාන්තාවක සමඟ විවාහ වී සිට ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
සැකකරු වෛද්‍ය වරයෙක් බවට සනාථ කර හැකි කිසිදු තොරතුරක් මොහු සතුව නොතිබුණු බවද පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් වෙමින් පවතී.
ඒ වෙලේම ඔය හොර දොස්තරව ඉන්දියන් තානාපති කාර්යාලයට දක්කාගෙන ගොස් .." මෙන්න ඔබලාගේ හොර දොස්තරලා මෙහෙ ඇවිල්ලා කෑම හොයාගෙන ) කියා නැවත මේ රටට නොඑන ලෙසට තර්ජනය කොට... රටින් පිටුවහල් කල යුතුයි. මහින්ද - රනිල් දෙදෙනාගේ සීපා කියන ගිවිසුම අනුව මේ රටට ඉන්දියන් බාබර්ලා. පවා එන්න ඉඩ තිබුනා.