
(එච්. චන්දන)
අයිස් මත් කුඩු රැගෙන විත් සුරා බදු නියාමකවරයකුට ලබා දුන් බවට චෝදනා ලැබ සිටින පුත්තලම සුරාබදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂකවරයා අද (24) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසය කියයි.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ විශේෂ පොලිස් කණ්ඩායමක් පුත්තලම නගරයේදී මොහු අත් අඩංගුවට ගෙන ඇත.
කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු පුත්තලම සුරා බදු කාර්යාලයේ සේවයට ඉකුත් ජනවාරියේ පැමිණ තිබේ.
මොහු විසින් අයිස් මත් කුඩු ග්‍රැම් 125 ක් ලබා දෙන අවස්ථාවේ ඊයේ (23) අළුයම 1.00 පමණ එය ලබා ගැනීමට පැමිණි සුරාබදු නියාමකයකු ඇතුළු පිරිසක් පුත්තලම කොට්ඨාශ දුෂණ මර්ධ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම අවස්ථාවේ අයිස් මත් කුඩු රැගෙන ආ බව කියන සැකකාර සුරාබදු නිලධාරීවරයා ඔහු පැමිණ සිටි මෝටර් රථයෙන් පලා ගොස් තිබේ. එම මෝටර් රථය සමඟ සුරාබදු පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
අයිස් මත් කුඩු රැගෙන යාමට පැමිණි සුරාබදු නියාමකවරයා ලබා දුන් කට උත්තර අනුව මෙම සුරාබදු පරීක්ෂකවරයා අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ මූණත් එක්කම නම්ගම් දැම්මනම් තමයි හරි.
ඔය මත්ද්‍රව්‍ය, පාතාලය, විශේෂ බලකායන් කියමින් උඩපැනගෙන නටනකොටම අපි කිව්වා ඔවුන් ඔක්කොම හොරු කියලා. ඉතින් දැන් ඔය ඉන්න අයියලා දාන සෙල්ලනුත් අපිට ඡන්දෙන් පස්සේ දැනගන්න ලැබේවි...
සුරාබදු රේගුවේ අයගේ වත්කම් සහ සම්බන්ධකම් නිකමට වගේ සොයා බැලුවානම් නරකද?