
(නිමන්ති රණසිංහ)
කොල්ලුපිටිය “මරීනා මෝල්” සුපිරි වෙළද සංකීර්ණයේ රථ ගාලේදී රුපියල් කෝටි 300 ක් වටිනා හෙරොයින් කිලෝ 294 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් අධිකරණය වෙත වහාම ලබා දෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වෙත අද (24) නියෝග කළේය.
සැකකාර නාකොටික් නිලධාරීන් විසින් මෙම වැටලීමද නිර්මාණය කරනු ලැබූ එකක් බවට මේ වන විට කරුණු අනාවරණය වෙමින් පවතින බැවින් මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම වැටලීම සිදුකරනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක උදාර නැමැති නිලධාරියා ඇතුළු කණ්ඩායම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන් වන බව ද එම නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (24) අධීකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර සැකකරුවන් වන කෙසෙල්වත්තේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් අජ්මි සහ මොහොමඩ් රිලාන් අහමඩ් රුස්කි යන අයවලුන් කොරෝනා තත්ත්වය හේතුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබිණී.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් හෙරොයින්, ඡාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වන බවත් එහිදී පැමිණිල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ඉතා වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකාර නාකොටික් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා හෙරොයින් මත්ද්‍රව්‍ය එම කාර්යාංශයේ ම තබාගෙන සිට ඒවා නැවත කලවම්කර, පැකට් කර ජාවාරම්කරුවන් වෙත විකුණා ඇති බවට එම අධිකරණයේදී කරුණු අනාවරණය වී ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද එසේම සිදුවී ඇති බවට දැන් කරුණු තහවුරු වෙමින් පවතින බව ද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
තම සේවාදායකයින් දෙදෙනා වසරකට වැඩි කාලයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන බවත් මේ වැටලීමද නාකොටික් නිලධාරීන්ගේ ව්‍යාජ වැටලීමක් වන බැවින් වහාම ඔවුන් දෙදෙනා මෙම නඩුවෙන් මුදා හරින ලෙස නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විත්තියෙන් ප්‍රකාශ කරන අන්දමට මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බැවින් වහාම එම වැටලීම සම්බන්ධයෙන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මෙහිදී අධිකරණය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරමින් සැකකරුවන් ලබන 07 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ විසින් මෙම වැටලීම සිදුකරනු ලැබුවේ ඉකුත් 2019 වර්ෂයේ පෙබරවාරි මස 23 වැනිදාය. කොල්ලුපිටියේ පිහිටි මරීනා මෝල් නැමැති සුපිරි වෙළෙද සංකීර්ණයේ රථ ගාලේදී මෙම වැටලීම සිදුව තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ වරප්‍රසාද, තනතුරුවල බලයෙන් හැංගි හොරා කරපු මේ මහා තරුණ ජීවිත විනාශයට රාජ්‍ය සේවයට කරපු නිග්‍රහයට මොවුන් එල්ලන්නම ඕනේ...
හා ..හා... සුදු සරම ඇඳගත්ත ගම් කබරයන් අප රටේ ජීවනාලිය බඳු තරුණ පරපුර විනාශ කිරීමට ඍජුවම දායකවුණු දැනට අත්අඩංගුවේ ඉන්න නාකොටික් එකේ "පාදඩ පොලිස්කාරයින්ගේ" ගිණුමට දාලා බේරගන්න නේද තටමන්නේ...? බොල "ගම් කබරයෝ" ඔය හම්බ කරන්නේ ජරා සල්ලි නේද? ඒ එක ශතයක්වත් නුඹලාගේ පවුල්වලටත් යාදෙන්නේ නැති බව නොදැනීම කණගාටුවකි.
ඕවා නිකන් මේ අහසින් වැටුණු මැණික් මල්ලේ කතා වගේ...