උදයංග වීරතුංග යළි රිමාන්ඩ් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 11 March 2020
වෙනත් පක්ෂයකට ගියොත් එජාපයේ සියලු දේ අහෝසියි පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට තවත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගැනීමට හැකියාවක් නොමැති බවත් යම්කිසි පිරිසක් එවැනි තීරණයක් ගතහොත් ඒ සියලු දෙනාගේම සංවිධායක කම්, පක්ෂයේ නිලතල ඒ මෙහොතේ සිටම අහෝසි වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. 11 March 2020
කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් කොරෝනා ආසාදිත ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය. 11 March 2020
ඇවන්ට්ගාඩ්-රක්නා ලංකා සභාපතිවරුන්ට එරෙහි නඩුව 4 වැනිදා සිට විභාගයට “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම නඩුව ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට අද (11) තීරණය කළාය. 11 March 2020
ජාතික ජන බලවේගයේ නාමයෝජනා බාරදීම 17,18 සහ 19 දා මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය නාම යෝජනා බාරදීම 17, 18, 19 දිනවලදී සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (11) පැවසීය. 11 March 2020
මහමැතිවරණයට නාමයෝජනා බාරගැනීම හෙට අරඹයි මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම හෙට (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 11 March 2020
කොරෝනා යැයි සැක කාන්තාවක් හලාවතින් අයිඩීඑච් එවයි හලාවත රෝහලට උණ රෝගයට ප්‍රතිකාර සදහා පැමිණි රෝගියෙකු හට කොරෝනා වයිරසය ශරීරගත වී ඇතැයි පවතින සැකයක් මත අද (11) දහවල් එම රෝගියා අංගොඩ උණ රෝහල වෙත මාරු කිරීමට රෝහල් බලධාරීන් වහාම කටයුතු කර ඇත. 11 March 2020
ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 1000 ඉක්මවයි ඇමෙරිකාවේ 1,004ක පමණ පිරිසකට කොරෝනා වයිසරය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 11 March 2020
අඩු බර පාන් අලෙවිකරන බේකරි වැටලීමේ මෙහෙයුමක් අද සිට කොළඹ දිස්ත්‍රික්කය තුළ අඩු බර පාන් (ග්‍රෑම් 450ට අඩු) අලෙවිකරන, අලෙවිසල් හා බේකරි දෛනිකව වැටලීමේ මහා මෙහෙයුමක් අද(11) සිට ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. 11 March 2020
ත්‍රිරෝද රථ දෙවැනි කිලෝමීටර් ගාස්තුව 5 කින් අඩු කරයි රජය තෙල්මිල අඩුකළ වහාම ත්‍රි රෝද රථ දෙවන කිලෝමීටර ගාස්තුව රුපියල් 5.00 කින් අඩුකිරිමට ලංකා ස්වයංරැකියා වෘත්තීකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය තීරණය කළ බව එම ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය. 11 March 2020
පිටකොටුවේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් පිටකොටුව පළමු හරස් වීදියේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. 11 March 2020
විශ්‍රාමිකයෝ විරෝධතා පාගමනක විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් විරෝධතා පාගමනක් කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළින් ඇරඹුහ. 11 March 2020
නවකවදය දුන්නැයි කළමනාකරණ පීඨයේ 4 ක් අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුවකු වූ පසිදු හිරුෂාන් තරුණයාගේ හිසට ටයරයක් වැදී බරපතල තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කළමනාකරණ පීඨයේ අවසන් වසරේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා පැවසීය. 11 March 2020
රවීගේ පෙත්සම සළකා බලන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ ඒක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු හතරක් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද දවල් 2 .00ට සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. 11 March 2020
වූහාන්හි තාවකාලික රෝහල් 15ක සිට සුවය ලැබූවෝ පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවෙන් ප්‍රතිකාර සැපයීමට තාවකාලිකව වූහාන්, හුබෙයි ප්‍රාන්තයේ ඉදි කර තිබූ රෝහල් 15ක් වසාදැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. 11 March 2020
අගමැති කුරුණෑගලින් නාම යෝජනා අත්සන් කරයි ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) නාම යෝජනා පත් අත්සන් කර තිබේ. 11 March 2020
අතිදුර්ලභ සුදු ජිරාෆ් සතුන් දෙදෙනෙකු කෙන්යාවේදී මරා දැමේ අතිශය දුර්ලභ සුදු ජිරාෆ් සතුන් දෙදෙනෙකු කෙන්යාවේදී දඩයක්කරුවන් විසින් මරා දමා තිබේ. 11 March 2020
රවීගේ පෙත්සම සලකාබැලීම අරඹයි තමන් අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ ඒකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද(11) පෙරවරු 11.00ට සලකා බැලීම ආරම්භ විණි. 11 March 2020
ආගරපතන වතු කම්කරුවෝ වැඩ වරති ආගරපතන වැවිලි සමාගමට අයත් හපුතලේ කහගල සහ බෝව ඉදල්ගස්හින්න වතු දෙකෙහි වතු කම්කරුවන් 729 දෙනෙකු අද (11) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 11 March 2020
අධිවේගයෙන් නිවාඩුවේදී කෝටි 8 ක ආදායමක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉකුත් නිවාඩු දිනවල රථවාහන ධාවනයෙන් රුපියල් කෝටි අටකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප‘යට ඊයේ පැවසීය. 11 March 2020
ලාංකික කොරෝනා ආසාදිතයා ගිය තැන් සොයයි ශ්‍රී ලංකාවෙන් සොයාගත් පළමු ශ්‍රී ලාංකික කොරෝනා වයිරස් ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගැනීම මේ වන විට අරඹා තිබේ. 11 March 2020
තැපැල් ඡන්දය අප්‍රේල් 8-9-10 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් 8,9 සහ 10 දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. 11 March 2020
කොරෝනා ව්‍යාප්ත වීම වළක්වන්න සහය වන්නැයි රජයෙන් විශේෂ ඉල්ලීමක් කොරෝනා වයිරසය හෙවත් (කොවිඩ් - 19) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. 11 March 2020
කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට යන්න කොරෝනා වයිරසයෙන් (කොවිඩ්-19) බේරීම සඳහා ශ්‍රී ලංකාව සහ කැරිබියන් දූපත් ආරක්ෂාකාරී රටවල් දෙකක් ලෙස සිය පුරවැසියන්ට එක්සත් රාජධානිය දැනුම් දී තිබේ. 11 March 2020
මාර්ගෝපදේශකයාටත් කොරෝනා ශ්‍රී ලාංකික මාර්ගෝපදේශකවරයකුද මේවන විට කොරෝනා වෛරසයට ගොදුරුව තිබෙි. 11 March 2020
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනියට කොරෝනා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනි නේඩින් ඩොරිස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. 11 March 2020
රටවල් තුනකින් ආ ගුවන් මගීහු 300ක් නිරෝධායනයට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 300කට අධික පිරිසක් අද(11) නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට සූදානම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 11 March 2020
රැකියා සඳහා විදෙස් ගතවීම තාවකාලිකව කල් දමන්න කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 March 2020
උලපනේ ගුණසේකර ජීවිතයෙන් සමුගනී පුවත්පත ගුවන්විදුලිය සහ රූපවාහිනිය යන මාධ්‍යයන්හි දස්කම් පෑ ප්‍රවීණ කලා ශිල්පී උලපනේ ගුණසේකර මහතා අද (10) අභාවප්‍රාප්ත විය. 10 March 2020
මුළු ඉතාලියම නිරෝධායනයට කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සමස්ත රටම දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට ඉතාලිය අද (10) පියවර ගත්තේය. 10 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026