පුරවැසි සංවිධාන යෝජනාවලියට අත්සන් තැබේ මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ලද පුරවැසි සංවිධාන යෝජනාවලියට අත්සන් තැබීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (12) පැවැත්විණි. 12 March 2020
හෙරොයින් මත්කුඩු තොගයක් කොච්චිකඩේදී අත්අඩංගුවට පාකිස්ථානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතීම අල ගෙඩි අතර සඟවා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කරන ලද වැටලීමකදී අද (12) අත්අඩංගුවට ගත්බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 12 March 2020
කොටස් වෙළෙඳපොළ පහළට මේ සතියේ දෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (12) සියයට 5 කින් පහළ යෑම හේතුවෙන් වෙළෙඳ කටයුතු මිනිත්තු 30 කට අත්හිටුවීය. 12 March 2020
අගමැති - විජේවීරගේ පුතා අතර සාකච්ඡාවක් හෙට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී හෙට (13) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 12 March 2020
කොරෝනා ගැන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කෙරේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩලවල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (12) ආරම්භ කරන ලදි. 12 March 2020
කොරියාවේ - ඉතාලියේ සිට පැමිණි 244 ක් නිරෝධායනයට ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 244 දෙනෙකු නිරෝධායනය කිරීම සඳහා අද (12) දියතලාව යුද හමුදා කඳවුරට සහ දියතලාව කහගොල්ල පැරණි ලටෙක් ඉංජිනේරු වැඩබීමට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය. 12 March 2020
හිටපු ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) අරලියගහ මන්දිරයේදී නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය. 12 March 2020
නිරෝධායන කටයුතු ගැන දැනගන්න දුරකතන අංකයක් නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම වෙනුවෙන් යුද හමුදාව විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇත. 12 March 2020
පෞද්ගලික උපකාරක පන්තිවලටත් සති දෙකක නිවාඩුවක් රජයේ තීරණය අනුව කටයුතු කරමින් හෙට (13) සිට මාර්තු 27 වැනිදා දක්වා සති දෙකක කාලයක් පෞද්ගලික උපකාරක පන්ති ද නොපැවැත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා වෘත්තිය දේශකයන්ගේ සංගමය පවසයි. 12 March 2020
රවී අත්අඩංගුවට ගන්න නීතිපති වරෙන්තු ලබාගෙන ඇත්තේ නීතියට පටහැනිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතියට පටහැනිව සහ ද්වේෂ සහගත ලෙසින් යැයි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අද (12) අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. 12 March 2020
ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් අද (12) නැවත වරක් 6%කින් පහළ ගියේය. 12 March 2020
කතෝලික පාසල් අප්‍රේල් 20 තෙක් වහයි සියලුම රජයේ පාසල්වලට අප්‍රේල් 20 වැනිදා තෙක් නිවාඩු ලබාදීමට රජය ගත් තීරණය අනුව යමින් සියලුම කතෝලික පාසල්වලට ද එම නිවාඩුව ලබාදීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තීරණය කර තිබේ. 12 March 2020
‘කොරෝනා මර්දනයට චීනය ආදර්ශයට ගන්න’ කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ලොව අනෙකුත් රටවල් සිය රජය ගත් ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ජූනි මාසය වනවිට වයිරසය අවසන් වනු ඇතැයි චීනය ප්‍රකාශ කරයි. 12 March 2020
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ක්‍රියාකලාපයෙන් අධිකරණයේ කාලය නාස්ති වුණා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අනවශ්‍ය ක්‍රියාකලාපය හේතුවෙන් අධිකරණයේ කාලය නිරපරාදේ නාස්ති වු බවත් නඩු කටයුතු පවා කල් දැමීමට සිදුවු බවත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විකුම් කළුආරච්චි මහතා අද (12) දැනුම් දුන්නේය. 12 March 2020
කොරෝනා බවට සැක රෝගීන් 29ක් රෝහල්වල කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 29 දෙනෙකු අද(12) වනවිට අංගොඩ අයි.ඩී.එච් රෝහල ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 12 March 2020
රටවල් 12කට අරාබියෙන් සංචාරක තහනමක් කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට, අප්‍රිකානු සහ යුරෝපා සංගමයේ රටවලට ගුවන් ගමන් සහ සංචාරක තහනම් පැනවීමට සෞදි අරාබිය පියවර ගෙන ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය අද (12) වාර්තා කළේය. 12 March 2020
විදේශ නෞකා කාර්ය මණ්ඩලවලින් අවදානමක් මගී නෞකාවල පිරිස්වලට මෙරට වරායවලින් ගොඩබැසීම තහනම් කළත් භාණ්ඩ ප්‍රවාහන විදේශ නෞකාවල කාර්යමණ්ඩල සාමාජිකයන් වරායවලින් ගොඩබැසීමෙන් සෞඛ්‍යමය වශයෙන් දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි වරාය තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 March 2020
පෞද්ගලික පාසල් - පන්තිවලටත් නිවාඩු දෙන්න’යි අධ්‍යාපන ඇමැතිගෙන් ඉල්ලීමක් පෞද්ගලික පාසල් හා උපකාරක පන්තිවලට ද හෙට (13) සිට අප්‍රේල් 20 වැනිදා දක්වා කාලයේදී නිවාඩු ලබාදෙන ලෙස එම පාසල් හිමියන්ගෙන් හා පන්ති පවත්වන ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 March 2020
කොරෝනා ආසාදිත දෙවැනි ශ්‍රී ලාංකිකයාත් හමුවෙයි කොරෝනා වයිරසය (කෝවිඩ්-19) වැළදී ඇති බවට තහවුරු වූ තවත් රෝගියෙකු අද (12) සොයා ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 12 March 2020
පුත්තලම ජනතාව රැස්වන රැස්වීම් නවත්වන්නැයි ප්‍රා.ලේකම්වරුන්ට දන්වයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව රැස්වන රැස්විම් වහාම නවතා දමන්නැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා තිබේ . 12 March 2020
ජපුර සිසුන් 6 දෙනා 23 තෙක් රිමාන්ඩ් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුවකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ සිසුන් 6 දෙනා මාර්තු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (12) නියෝග කළේය. 12 March 2020
දියේ ගිලී සිසුන් මියයාමේ සිද්ධියට ගුරුවරු 4කගේ වැඩ තහනම් ත්‍රිකුණාමලයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පිහිටි ’මැදවච්චිය’ වැවේ ගිලී සිසුන් සිව්දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල හාලිඇල විද්‍යාලයේ විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමටත්, නියෝජ්‍ය විදුහල්පති සහ ගුරුවරුන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර, ගුරුවරියන් දෙදෙනා දුෂ්කර සේවයේ යෙදවීමටත් කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසුවාය. 12 March 2020
‘කොරෝනා’ මඬින්න රොබෝලා චීන වැසියන්ගේ සෞඛ්‍ය කටයුතු වඩා විධිමත්ව, පුළුල් ආකාරයෙන් සොයාබැලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීමට මේ වනවිට චීන ඉංජිනේරුවරු කටයුතු කරමින් සිටිති. 12 March 2020
ජනප්‍රිය නළු ටොම් හෑන්ක්ස් සහ බිරිඳටත් කොරෝනා ඔස්කාර් සම්මානලාභී නළුවකු වන ටොම් හෑන්ක්ස් හා ඔහුගේ බිරිඳ වන රීටා විල්සන් මහත්මියට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. 12 March 2020
රාජකීය - සා. තෝමස් තරගයේ වෙනසක් නෑ කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (12) ආරම්භ වූ 141 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය යොදාගත් පරිදි ඉදිරි දින දෙකේදීත් පවත්වන බව රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා පැවසීය. 12 March 2020
මහ ක්‍රිකට් තරග පැවැත්වීමේ තීරණය විදුහල්පතිවරු අතේ අන්තර් පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග පවත්වනවාද නැද්ද යන තීරණය ගැනීම එම පාසල්වල විදුහල්පතිවරුන්ට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 March 2020
අප්‍රේල් වාර පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේ්ල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්යාමපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 March 2020
ඉන්දියාව සංචාරක වීසා අත්හිටුවයි අප්‍රේල් 15 වැනිදා දක්වා සියලු සංචාරක වීසා අත්හිටුවීමට ඉන්දීය රජය අද(12) තීරණය කර තිබේ. 12 March 2020
‘අත්අඩංගුවට ගන්නා විදේශිකයන් රඳවාගන්න වෙනම සිර කුටියක්‘ විවිධ චෝදනා මත ගුවන්තොටුපොළෙන් හා වෙනත් ස්ථානවලින් අත්අඩංගුවට ගන්නා විදේශිකයින් මෙන්ම විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයින් රඳවා තැබීම සඳහා සෑම රිමාන්ඩ් බන්ධනාගාරයකම විශේෂ සිර වාට්ටුවක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 12 March 2020
‘ප්ලාස්ටික් බෝතල් කපා ආහාර දීමේ ක්‍රමයක් හමුදාවේ නැහැ’ කුරිරු ත්රස්තවාදයට එරෙහි සටනේ දීත් අවතැන් වූ ජනතාවට පවා හැකි උපරිමයෙන් මානුෂියව සැලකූ බවත් නිරෝධායනයට යොමුකළ පිරිසට ප්ලාස්ටික් බෝතල් කපා ආහාර පාන ලබා දෙන ක්‍රමවේදයක් හමුදාව තුළ නොමැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 12 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026