
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.05 වනවිට තවත් ආසාදිතයන් 319 දෙනෙකු එක් වී ඇත. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් සමස්ත අසාදිතයන් සංඛ්‍යාව 633 ක් දක්වා ඉහළ ගියේය.
මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ගණන 6627 කි. අද දිනයේදී අලුතින් හඳුනාගත් පිරිසත් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6946 ක් වේ.
අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් පිරිසෙන් 83 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, සෙසු 236 දෙනා පෑලියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ජනගහනය අනුව මේ සංඛ්‍යාව ලොකු ගාණක් නේද? ඉන්දියාවේ මුලදි තිබුණු තත්වෙ වගේ නේද? භයානක තත්වයක් නේද?