ආසාදිතයින් තහවුරු කරගැනීමේ පරීක්ෂණයට තවත් ආයතන 4කට පහසුකම් මෙතෙක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පමණක් සිදුකළ කොරෝනා වයිරසය ආසාදිතයෙක්ද යන්න තහවුරු කරගැනීමේ පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම් තවත් රෝහල් 3 කට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 13 March 2020
බ්‍රසීල ජනපතිගේ වෛද්‍ය වාර්තාව ගැන ට්‍රම්ප් අවධානයෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොරානෝ මහතාටත් කොරෝනා වයිරසය වැළඳී ඇත්ද යන්න පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අද (සිකුරාදා) දැනගැනීමට ලැබෙනු ඇත. බ්‍රසීල ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහිදී බ්‍රසීල ජනාධිපතිවරයාට අතට අත දී සුබ පැතුම් පිරිනමා තිබේ. 13 March 2020
‘එයාර් ඉන්දියා’ රටවල් 6ක ගුවන් ගමන් අත්හිටුවයි ඉතාලිය, ප්‍රංශය, දකුණු කොරියාව, කුවේට්, මැඩ්ඩ්රිඩ් (ස්පාඤ්ඤය) සහ කොළඹට සිය ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා ගුවන් සේවය අද පියවර ගත්තේය. 13 March 2020
අයිඩීඑච් රෝහලේ කොරෝනා ආසාදිතයන් සුවඅතට අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය අද(13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහලේ වෛද්‍යවරු පැවසූහ. 13 March 2020
අල කන්ටේනරයේ හොරොයින් ගෙන ආ 11 අල්ලති පාකිස්ථානයේ සිට අල කන්ටේනරයක කෘත්‍රිම අල ගෙඩි තුළ බහා හොරොයින් කිලෝ කිලෝ 99 1/2 ක ප්‍රමාණයක් මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කන්ටේනරය මෙරටට ගෙන්වු බව කියන සමාගමේ හිමිකරු සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 13 March 2020
රවී අධිකරණයට පැමිණෙයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. 13 March 2020
‘රටට ප්‍රමාණවත් ලෙස ඉන්ධන තියෙනවා‘ රටතුළ ඉන්ධන හිගයක් පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නැති බවත් ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඇති බවත් විදුලි හා බලශක්ති අමාත්‍යංශය කියයි. 13 March 2020
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය වහයි රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයීය සිසුන්ට සති දෙකක් නිවාඩු ලබා දීමට එහි පාලනාධිකාරිය අද (13) තීරණය කරනු ලැබීය. 13 March 2020
කේ.ඩී.ලාල්කාන්ත නාම යෝජනාවට අත්සන් කරයි එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කරනු ලබන කණ්ඩායම නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම අද (13) මහනුවර දී සිදුවිය. 13 March 2020
තවත් විදේශීකයන් 101 ක් නිරෝධායනයට දියතලාව හමුදා කඳවුරට කොරියාව සහ ඉතාලියේ සිට පැමිණි තවත් දේශීය මගීන් 101 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් අද (13) දියතලාවට රැගෙවිත් දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන කඳවුරට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පවසයි. 13 March 2020
‘මැතිවරණයකට පෙර රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි’ මැතිවරණයකට වඩා රටේ ආරක්ෂාව වැදගත් බැවින් මැතිවරණයක් පැවැත්වීමට පෙර රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවැසීය. 13 March 2020
සතොස මුදල් වංචා සිද්ධියට ඉම්රාන් මොහොමඩ් යළි රිමාන්ඩ් ලංකා සතොස ආයතනයේ සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවකට අදාළව ලිපි ලේඛන තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත සිටි ඉම්රාන් මොහොමඩ් නැමැත්තා ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අද(13) නියෝග කළේය. 13 March 2020
ප්‍රංශයේ සියලු පාසල්-විශ්වවිද්‍යාල වසාදමයි සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා දැනුම් දී තිබේ. 13 March 2020
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලු දිස්ත්‍රික්කවලටම තරග කරයි ‘සමාජවාදී නියෝජනයක් සටන්කාමී නායකත්වයක්’ යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළු ගෙඩිය ලකුණෙන් දිස්ත්‍රික්ක 22කටම තරග කරන්නේ යැයි එහි දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා අද(13) පැවසීය. 13 March 2020
කොරෝනා යැයි සැක 64 ක් රෝහල්වල කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 13 March 2020
එවරස්ට් කඳු තරණය නවතයි කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉදිරි ගවේෂණ සමය සඳහා එවරස්ට් කන්ද වසා දැමීමට නේපාල බලධාරීන් තීරණය කර තිබේ. 13 March 2020
‘රැස්වීම් නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කරලා‘ පවතින ආනාරක්ෂිත තත්වය හේතුවෙන් අප්‍රේල්මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇති බව දන්වා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (13) පැවසීය. 13 March 2020
ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමැතිටත් කොරෝනා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. 13 March 2020
සියලුම පෙරපාසල් වහයි දිවයිනේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගත් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 13 March 2020
‘අයථා ලෙස ක්‍රියා කරන ඉන්ධනහල් බලපත්‍ර අහෝසි කරනවා‘ ඉන්ධන සඟවා තබා හිඟයක් මවාපෑමට කටයුතු කරන ඉන්ධන අලෙවිසල්වල බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 March 2020
රවී ඇතුළු සැකකරුවන්ට සවස 4ට පෙර උසාවියේ පෙනීසිටින්නැයි නියෝග අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සැකකරුවන්ට අද පස්වරු 4.00 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද(13) අභියාචනාධිකරණය නියෝග කළේය. 13 March 2020
දේශපාලන පක්ෂ 2 ක් : ස්වාධීන 5 ක් නාමයෝජනා බාර දෙති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර බාරගැනීම ආරම්භ වූ ඊයේ (12) පිළිගත් දේශපාලන පක්ෂ දෙකක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් නාමයෝජනා පත්‍ර බාර දුන් බව මැතිවරණ කොමිසම පවසයි. 13 March 2020
සියලු සරසවි සති දෙකක් වහයි රජයේ සියලු විශ්ව විද්‍යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි. 13 March 2020
ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා මරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 13 March 2020
සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නවත්වන්නැයි රජයෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවට පැමිණන සියලුම සංචාරකයින් හැකි විගසින් වහා නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන කථිකාචාර්ය ආයතනයේ හිටපු සභාපති ජෝ ලිවේරා මහතා පැවසීය. 13 March 2020
දක්ෂිණ අධිවේගයේ කහතුඩුවේදී බසයක් ගිනි ගනී කොට්ටාව මා කුඹුර බස් නැවතුමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා ධාවන වෙමින් තිබූ කලවාන ඩිපෝවට අයත් බසයක් කහතුඩුව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ. 13 March 2020
කොළඹ - හොරණ මාර්ගයේ රථවාහන තදබදයක් කොළඹ - හොරණ මාර්ගයේ පිළියන්දල සිට කොහුවල දක්වා කොටසේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ. 13 March 2020
දකුණු කොරියාව-ඉතාලිය-ඉරානයට ශ්‍රී ලංකාවෙන් තාවකාලික තහනමක් දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානයේ සිට ශ්‍රී ලංකාවට හෙට (14) සිට සති දෙකක කාලයක් මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම්වලට දැනුම් දී තිබේ. 13 March 2020
කැනේඩියානු අගමැති බිරිඳට කොරෝනා කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිදට කොරෝනා ( කොවිඩ්-19) වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026