
(මංගල එදිරිසිංහ)
සේවිකාවකට කොරෝනා ආසාදනය වීම නිසා ඊයේ (31)වසාදමන ලද හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින් 145 දෙනෙකුගේ පිසීආර් පරීක්‍ෂණ ප්‍රතිඑල අනුව එමඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 19 දෙනෙකුට කොරෝනා ආසාදිතව ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
සේවකයින් 6000 ක් පමණ මෙම ආයතනයේ සේවයකරන අතර පසුගියදා සේවකයින් 20 දෙනෙකු අතරින් සිදුකරන ලද පීසීආර් පරීක්‍ෂණ මගින් බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි සේවිකාවට කොරෝනා ආසාදිත වී ඇතිබව පළමුවරට තහවුරු වී තිබිණි.
මෙම හේතුව නිසා හෙට (02)දින ආරම්භකිරීමට නියමිතව තිබූ අදාළ කර්මාන්ත ශාලාව දින නියමයක් නොමැතිව කල්දැමීමටත් සෙසු සියලුම සේවකයින්ගේ පීසීආර් පරීක්‍ෂණ අඛණ්ඩව සිදුකිරීමටත් කටයුතු යොදන බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථිකයට සහ ජීවිතවලට නරක ලෙසින් බලපෑ ඇත.