
(පාලිත ආරියවංශ )
මහියංගණය හද්දත්තාව ගම්මානයේදී 31 හැවිරිදි මල්ලීට කැත්තකින් පහරදී ඝාතනය කළැයි සැකපිට 36 හැවිරිදි අයියා අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසයි .
මරණයට පත්ව ඇත්තේ වත්තේගෙදර සජිත ලක්මාල් නමැත්ති වැලි ව්‍යාපාරිකයෙකි .
ඒ අවස්ථාවේ මල්ලිගේ බිරිඳටද කැත්තෙන් පහරදී ඇති අතර ඇය අතක කැපුම් තුවාල සහිතව මහියංගණය මූලික රෝහලට ඇතුලත් කර තිබේ .
මොවුන් දෙදනාගේ නිවෙස් එකම වැටකින් වෙන්වන සේ පිහිටා ඇති අතර මල්ලී බිරිද හා දරු දෙදනා සමග හසලක නතරවී වැලි ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් නිවාඩු දිනයන්හි බිරිද හා දරු දෙදනා සමග හද්දත්තාවේ නිවසට පැමිණෙන බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය .
ඊයේ (30) අයියා රැකියාවට ගොස් නිවසට එන විට එම නිවස ආසන්නයේදි මල්ලී , අයියාට බැන වැදී ඇති බවත් එවිට අයියා නිවසට දිවගොස් කැත්තක් රැගෙන විත් මල්ලිට හා මල්ලීගේ බිරිඳට කැත්තෙන් පහරදී ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය .
දෙදෙනා අතර කලකසිටි පැවති පුද්ගලික ආරවුලක් පිළිබදව බහින් බස් වීමකින් පසු මෙම ඝාතනය සිදුවී ඇති බවද අනාවරණය වී තිබේ .මහියංගණය පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සිද්ධිවලට දෙමාපියන් සම්පූර්ණයෙන්ම වගකිවයුතු යැයි කියන්නේ ඔවුන් තමතමාට අයත්ව තිබුන දේපලක් තිබුනා නම් දරුවන්ට බෙදානොදීමයි. කුඩාකාලයේම සහෝදර ආදරය කියානොදීමත් තවත් හේතුවක්වෙනවා. නමුත් මටම කියන්න පුළුවන් සමහරක් දෙමාපියන් දරුවන්සේ සලකන්නේ පිරිමින් විතරයි... මම දන්නා එක පියෙක් දියණියන් දෙදෙනෙකුගේ හා පුතුන් තිදෙනෙකුගේ පියෙක් ඔහු අවසාන කාලයේ සියළු දේපල පුතුන් තිදෙනාට නොබෙදා හවුල් අයිතිය තිබෙන ලෙසට ලියා දුන්නා. ගෙදර සිටි පුතාත් ඔහුට වැඩිමහල් පුතාත් අසනීපයෙන් සිට මියගියා. වයසක අමිමාට සලකන්න වුනේ දේපල කිසිත් නොලැබූ දියණියන්ටය. නොබෙදූ ඉඩම් ලැබූ නිවසේ සිටි පුතාගේ බිරිද දැනට සියළු දේපල බුක්ති විදිනවා. මෙම පියා කරපු දෙයින් සිදුවුනේ තමාගේ ලෙයින් ඇතිවූ දියණියන්ට නැතිව පිටතින් පැමිණ කාන්තාවකට සියළුදේ හිමිවුනා. මියගිය පුතෙක් කියකියා සිටියේ පවුලේ දියණියක් විවාහ වුනානම් දෙමාපියන්ගේ සියළු දේපල අහිමි වෙනවා කියලයි. මෙම පවුලේ අයගැන හොද කථා සෑහෙන්න තියෙනවා.
අප සමාජයේ වැඩිදෙනෙකු කතා කිරීමට අකමැති එහෙත් මේ මොහොතේත් සිදුවෙමින් පවතින අවාසනාවන්ත තත්වය පිලිබදව ඔබගේ අදහස් අප අගයන්නෙමු. තණ්හාව , පිළිබදව අප අදහන ඒ ඒ ආගම් අනුව "අපට සිතීමට හැකි නම්" මෙවන් ගැටළු කිසිවිට ඉස්මතු නොවෙන බව කිවහැකි නොවේද?