
(හර්ෂණ තුෂාර සිල්වා)
රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (30) පැවැසීය.
රතු හෙවත් අවදානම් කලාප සීමා වසා දමමින් ඒවායේ සංචරණ සීමා 80%ක් වත් ක්‍රියාත්මක කළ හැකි නම් රට වසා දැමීමේ අවදානමෙන් වැළැකිය හැකි යැයි ද හෙතෙම කීය.
මේ වනවිට ශීතාගාරවල පී.සී.ආර්. සාම්පල 20,000 පමණක් සිර වී තිබෙන බවත් පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වුවහොත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නැති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමටත් වයිරසයෙන් රට ආරක්ෂා කරගැනීමටත් අහඹු පරීක්ෂණ කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළ බවත් හෙතෙම වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජගත වෙලා නැත්නම් , මොනවටද රට වහන්නේ? බොරු නොකියා ඉන්න අනේ.. මෙයා අපිව බය කරනවා. පොකුරකට මොනවටද බය?
ඔබ ඉතා නිර්භීතව එදා කල ප්‍රකාශයන් බොහෝ දෙනෙක් උපහාසාත්මකව බැහැර කලා. එහි ප්‍රතිඵළ අද මුලු දිවයිනම භුක්ති විදිනවා. ගෙයක් ගෙයක් ගානෙ මල ගෙවල් ඇති වෙනකම් පාලකයින්ට මේවා තේරෙන්නෙ නැහැ. තේරුණත් නොතේරුණා වගේ තමයි ඉන්නෙ. අර එදා ඔබට සොච්චම් කල වෛද්‍යවරයා අද කෝ? හරිත මැතිතුමණි, සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය දේ හරියටම කියන්න. ඔබ හරි. ඔබ කෙලින්ම කිවේ ජනාධිපතිතුමාට. ඒක ගමේ ඉන්න හරමානිස්ටයි, සිරිමානිස්ටයි, වීරවංසටයි, අබේගුණවර්ධනටයි, ලන්සටයි, ගම්පොල අප්පුහාමිටයි කියල වැඩක් නැහැ. අවශ්‍ය කෙනාට අවශ්‍ය විදියට ආමන්ත්‍රණය කිරීම ගැන අපි ඔබට ස්තුති කරනව. මම හිතනවා අතිගරු ජනාධිපතිතුමා ඔබේ අනතුරු ඇගවීමට යහපත් ප්‍රතිචාරයක් දක්වාවි කියල. එතුමා එහෙම උද්දච්ච කෙනෙක් නොවෙයි. එතුමා දන්නවා එතුමා තමයි දැන් ඉන්න ලොකුම සමාජ සේවකයා. ඒ වගකීම එතුමා දරාවි. අඩුපාඩු පෙන්වල දෙන්න. අවශ්‍ය අනතුරු ඇගවීම කඩිනමින් සිදු කරන්න. සත්‍ය තත්ව්ය පැහැදිලි කර ජනතාව දැනුවත් කරන්න. ඒක තමයි මේ වේලාවෙ කරන්න තියෙන හොදම දේ. ඔබට සියලු ආරක්ෂාව පතමි.
දැන් අපට පෙනීයන හැටියට කොවිඩ් 19 වසංගතය වගකිව යුතු අය විසින් අනාගෙන තිඛෙනවා වගේ. ක්‍රමානුකූලව පීසීආර් පරීක්ෂණ ඇතිවෙන්න කරා නම් මෙවැනි තත්වයක් ඇති නොවන බව මගේ ආච්චි කියනවා. සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව මගින් කළ යුතු දේවල්, කාකි කෝට් කාරයින්ට කරන්න පුළුවන්ද කියලා මගේ සීයා අහනවා. ඒ දෙන්නම හරි. මුලු රටම ලොක්ඩවුන් කරන්න රජය අර අදිනවා වගේ. එහෙම වුණත් බඩට වදින්නේ අසරණ, දුප්පත් ජනතාවමයි.
කාලකන්නි ගොමාලා හිතන්නේ ඒ අයට ඕන විදියට රට පාලනය කරන්න ඕනේ කියලා
පණ්ඩිත වැඩි වුණා... කට්ටිය. දැන හත්පළේ ගාගෙන තියෙන්නේ. ඔහොම වෙනවා උදුම්මවා ගත්තාම. දැන් කාපල්ලකෝ ටොපිය..
වැඩබැරි සර් සහ සෞඛ්‍ය ඇමැතිනි ඇතුලු වැඩ බැරි නිලධාරීන් බලතණ්හාවට 20 සම්මත කරන කම් ඇස්,කන් වහගෙන හිටියා. දැන් මුලින් කරන්න තිබුණු දේ අන්තිමට කරන්න යනවා. ගවපාලන ආණ්ඩුව හිටියත් ඔකම තමයි.
මහත්තයෝ රට පුරා පරීක්ෂණ කරන්න කලින් හිරවෙලා තියෙන සාම්පල් 20000 ප්‍රතිපල ඉක්මනට දෙන්න. මිනිස්සු බලාගෙන ඉන්නවා ප්‍රතිපල. ලංකාවේ තියෙන්නේ කටෙන් බතල කොළ හිටවනවා වගේ වැඩ.
මෙක මෙහෙම වියපත් වුණේ මොකද? තමන්ගේ වගකීම් හරියට කළා නම් නියම වෙලාවට රජයේ බලධාරින් දැනුවත් කළානම් ඔය කියන අහඹු පරීක්ෂණ කළානම් මෙ තරම් පැතිරෙන්නේ නැහැ. හමුදාව නැතිනම් රටම කනත්තක් වෙලා ලොක්ඩවුන්.. හොදයි පින්පඩි කාරයින්ට මොකද කැලැන්ඩරෙ දින ගියාම වැටුප ඇවිත් එස්.එම්.එස්. එකකුත් එනවා. ඒත් රටෙ බහුතරය එදාවෙල උපයන් කන්නෙ.. රට ලොක්ඩවුන් කරනවා නම් අද වැටුප් ගෙවන්න ඉතිරි ඒවායෙන් ජනතාවට සහන දෙන්න.
අපේ සර්ලා කියන විදිහට වයිරසය තවම සමාජගත වෙලා නැහැ..
බල තණ්හාව, උද්දච්චකම, තම වගකීම් යුතුකම් පිලිබදව නොදැන සිටින "උගත් මෝඩයින්" වැඩිපුරම තීන්දු තීරණ ගැනීමට මැදිහත්වීම යන කරුණු කාරනා නිසා අපේ රට ඉතාමත්ම අවදානම් තත්වයක පවතිනවා නොවේද?