
(තිළිණි ද සිල්වා)
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සාකච්ඡා කර ගැනීම සදහා හෙට (29) දහවල් පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස් වී කටයුතු කරන ආකාරය පිළිබඳව මෙම පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීය
කොරෝනා වසංගතයේ යම් ප්‍රමාණයක ව්‍යප්තියක් ඇති බව සත්‍ය නමුත් ඒ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දේ.
මෙම රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු පරිශ්‍රයට යනෙන අයෙකුට කොවිඩ්-19 අසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව මේ වනවිට පාර්ලිමේන්තුව දින දෙකක් වසා දමා සම්පූර්ණ විෂබීජ හරණයට ලක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනට ඔය රැස්වීමට රිංගාගන්ඩ ලැබුනානම්.
ඇතුලේ හොදට කතාකරල එලියට ඇවිත් මිනිස්සුන්ව කොටවන එකක් තමයි කරන්නේ
එක්කෙනෙක්ට ඔක්කොම බලය දීලා දැන් රැස්වෙලා කිරිබත් කන්නද.?
කොහොමත් වෙන්නේ කට්ටිය ඇතුලෙ එකට කාල බීල එලියට අවිත් රගපානව හරියට ඉස්සර ෆිල්ම් වල වගේ කොල්ලට දුෂ්ඨයා ගහනව කටින් කෝපි හැලෙන්ව ලේ වෙනුවට ඉස්සර ෆිල්ම් කලුසුදුනෙ. ගැලරියෙ අය විසිල් ගහනව අවුරුදු 72ක් තිස්සෙ උනේ ඕක තව 72ක් කියලත් වෙනසක් නැහැ .