ජ’පුර සිසුවාගේ සිදුවීම ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායමක් සරසවියට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති සාදයක් අතරතුර කිසියම් සිදුවීමකින් පඩිපෙළ දිගේ පැමිණි ට්‍රැක්ටර් රෝදයක් වැදී බිම ඇදවැටී හිසට බරපතල තුවාල සිදුවී සිසුවෙක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. 10 March 2020
වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි දිවයිනේ පුරා දිස්ත්‍රික්ක කිහිපයක මාස ගණනාවක් තිස්සේ පවතින දැඩි වියළි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 75,560 කට අයත් පුද්ගලයින් 3,01,243 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 March 2020
නිරෝධායන මධ්‍යස්ථාන වෙත එන පිරිසට ප්‍රතිකර කරන්න පොලොන්නරුව රෝහල සූදානම් මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට සහ පොලොන්නරුව කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන එන ගුවන් මගීන්ට යම්කිසි රෝගී තත්වයක් ඇතිවුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා පොලොන්නරුව මහ රෝහල සූදානම් කර ඇතැයි එහි අධ්යක්ෂ , විශේෂඥ කුමාර මහතා අද (10) පැවැසීය. 10 March 2020
ජල සම්පාදන මණ්ඩලය බැංකු වලට කෝටි 1000 ක් ණයයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල ව්‍යාපෘති වෙනුවෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් දේශීය හා විදේශීය බැංකුවලට මේ වසරේ ගෙවිය යුතු ණය හා පොළිය රුපියල් කෝටි 1000 ක් පමණ වන බව එම මණ්ඩල වාර්තාවේ පෙන්වා දෙයි. 10 March 2020
අරාබියේ ලාංකිකයෝ දෙදෙනෙක්ට කොරෝනා ආසාදනය වෙති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (10) නිවේදනය කළ බව එරට පළවන ගල්ෆ් ටයිම්ස් පුවත සේවය වාර්තා කළේය. 10 March 2020
බෞද්ධ පුනරුද අරමුදල අහෝසි කරයි ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා ඇති බෞද්ධ පුනරුද අරමුදල අහෝසි කර එහි ගිණුම්වල පවතින අරමුදල් බුද්ධ ශාසන අරමුදලට මාරු කිරිමට රජය තීරණය කර ඇත. 10 March 2020
පර්ල් කේ.වීරසිංහ අත්අඩංගුවට ගන්න යළි වරෙන්තුවක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ.වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගන්නැයි ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල අද (10) වරෙන්තු නිකුත් කළේය. 10 March 2020
පත්වීම් බාරගන්න ගිය පවුල් සෞඛ්‍ය සේවිකාවෝ 15 ක් යාපනයේදී අතරමං වෙති උතුරේ පත්වීම් බාරගැනීම සඳහා නවක පවුල් සෞඛ්‍ය සේවිකාවන් 15 දෙනෙකු යාපනය නල්ලුර් හි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට යන විටත් එම කාර්යාලයේ නිලධාරීන් මෙම පත්වීම් පිළිබඳ කිසිවක් නොදන්නා බව දැන්වීමෙන් නවක නිලධාරීනියන් බලවත් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. 10 March 2020
ඉතාලියේ සිට පැමිණි ගුවන් මගීන් මඩකලපුවට ඉතාලියේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් 43 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු සඳහා අද (10) සවස මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ. 10 March 2020
කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල පහළට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) 4.14 % කින් පහළ ගියේය. 10 March 2020
පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 14 දා සිට නරඹන්න වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටා තිබෙන පැරණි පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථාව මෙම සෙනසුරාදා (14) වැනිදා සිට මහජනතාවට ලබාදීමට රජය තීරණය කර ඇත. 10 March 2020
දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිට වරෙන්තු හෙරොයින් නඩුවකට අදාළ කරුණු දැක්වීමට අධිකරණය හමුවට ඉදිරිපත් නොවීමේ සිද්ධියකට දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් විවෘත වරෙන්තු නිකුත් කළේය. 10 March 2020
රාජිතට ඇප දීමේ තීන්දුව 16 වැනිදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත්‍රය සම්බන්ධ තීන්දුව ලබන 16 වැනිදා ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා අද (10) නියම කළේය. 10 March 2020
චීන ජනපති වූහාන් නුවරට චීන ජනපති ෂී ජින්පින් මහතා, කොරෝනා වයිරසය ආරම්භ වූ බවට සැලකෙන වූහාන් නුවරට අද (10) පැමිණියේය. වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තවීම ආරම්භ වීමෙන් පසු ජනපති එහි පැමිණි පළමු අවස්ථාව මෙය විය. 10 March 2020
අ‘පුර බන්ධනාගාරයෙන් ජංගම දුරකතන ඇතුළු උපකරණ රැසක් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ සිරකරුවන් රඳවා සිටි සිර වාට්ටු දෙකක කළ හදිසි සෝදිසියකදී සඟවා තතිබූ ජංගම දුරකතන 26 ක් ඇතුළු නීතී විරෝධි උපකරණ හා ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර බුද්ධි අංශ බාරයට ගෙන තිබේ. 10 March 2020
ගුරුවරිය දුෂණය කර මුදල්-අබරණ කොල්ල කා පලා යයි අක්මිමන ඉහළගොඩ ප්‍රදේශයේ නිවසකට අද (10) යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු නිවසේ සිටි 55 හැවිරිදි ගුරුවරියක් දූෂණය කර රන් ආභරණ සහ මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. 10 March 2020
සාමනේර-උපසම්පදා සහතික නිකුත් කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදු කරන ලද සාමනේර සහතික හා උපසම්පදා සහතික පත් නිකුත් කිරිම අද සිට (10) දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් නිකුත් කිරිම ආරම්භ කර තිබේ. 10 March 2020
‘අපේක්ෂක ලැයිස්තුව තෝරාගැනීමේදිත් පුරුෂාධිපත්‍ය බලපානවා‘ ඉදිරියේදි පැවැත්විමට නියමිත මහ මැතිවරණයේදි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව තෝරාගැනීමේදි පුරුෂාධිපත්‍ය විසින් කාන්තාවන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පැවසුවාය. 10 March 2020
තල්දෙන අනතුරින් තුවාල ලැබූ අයෙක් මරුට බදුල්ල තල්දෙන ප්‍රදේශයේ දී බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (10) මිය ගිය බව රෝහල් ප්රකාශයෙක් පැවසීය. 10 March 2020
නිරෝධායනයට යවන මගීන්ගෙන් මුදල් අයනොකරන බව යුද හමුදාපති කියයි ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් සඳහා යොමු කරනු ලබන දෙස් විදෙස් පිරිසෙන් කිසිදු මුදලක් අය නොකරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 10 March 2020
මීගමුව හෝටලයක ගැටුමට සම්බන්ධ 6දෙනෙකු අත්අඩංගුවට මීගමුවේ හෝටලයකදී පුද්ගලයන් පිරිසක් කළ පහරදීමකින් සේවකයකු මිය යාම සහ එහි හිමිකරු ඇතුළු තිදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් 6දෙනෙකු පොලිසියට බාරවීමෙන් පසු අද(10) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි. 10 March 2020
සමගි ජන බලවේගය එජාපය දියාරු කරන බලවේගයක් නොවේ සමගි ජනබලවේගය යනු කිසිවකුත් පිම්බීමට හෝ එක්සත් ජාතික පක්ෂය දියාරු කරන බලවේගයක් හෝ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹදී පැවසීය. 10 March 2020
ටයරයක් හිසෙහි වැදී තුවාල ලැබූ ජ’පුර සිසුවා ගැන විමර්ශන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීම සඳහා පැවැති උත්සවයකදී සිසුවකුගේ හිසේ ටයරයක් වැදී බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත. 10 March 2020
දක්ෂිණ අධිවේගයේ අතරමග පිවිසුම්වලින් මගීන් නංවා ගැනීමේ පහසුකම් සලසන්න යයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලට අතර මග පිවිසුම් වලින් මගීන් නංවා ගැනීමට සහ බැස්සවීම සඳහා පහසුකම් සැපයීමට අදහස් කර ඇති බවත් ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසම ලබා දෙන නිර්නායක දන්වන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික ගමනාගම කොමිසමට දැනුම් දී තිබේ. 10 March 2020
මහපොළ පුහුණු මධ්‍යස්ථානයෙන් වරායට සේවකයින් කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි මහපොළ පුහුණු මධ්‍යස්ථානය වැඩිදියුණු කර වරායට අවශ්‍ය සේවකයන් පුහුණුකිරීම ආරම්භ කරන බව වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා පැවසීය. 10 March 2020
රවීගේ පෙත්සම හෙට සළකා බලන්න තීන්දු කරයි තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු හතරක් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය. 10 March 2020
මියගිය සහ විදෙස්ගත ඡන්ද දායකයන්ගේ තොරතුරු මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි මිය ගිය හෝ විදෙස්ගත වූ හෝ ඡන්ද දායකයින්ගේ තොරතුරු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරීවරයාට ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 10 March 2020
ගුරුවරයකුගේ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි නීතියට පටහැනි අයුරින් තමාට ලබා දී ඇති ස්ථාන මාරුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුරුවරයකු පැවරූ නඩුවක් විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද(10) නියෝග කළේය. 10 March 2020
ජාතික හැඳුනුම්පත් එක්දින සේවාවේ දෙවැන්න කුරුණෑගලින් ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව විමධ්‍යගත වැඩපිළිවෙළ යටතේ එහි දෙවන අදියර නුදුරේදී ම කුරුණෑගල ප්‍රදේශයෙන් ආරම්භ වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 10 March 2020
විගණන පරීක්ෂණ සේවකයෝ උද්ඝෝෂණයක විගණන පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විගණන සේවා කොමිසමෙන් එල්ල වන කෙනෙහිලිකම් වහා නතරකිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (10) පැවැත්විණි. 10 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026