ලුණුගම්වෙහෙරදී රිය අනතුරකින් 6ක් මරුට:3ක් රෝහලේ ලුණුගම්වෙහෙර, 22 කණුව අසළදී අද (09) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි. 09 March 2020
ෆේස් බුක් සාදය වටලා 77 ක් අත්අඩංගුවට පන්නිපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 77 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 08 March 2020
ලංකාවට එන ගුවන් මගීන් සඳහා නව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් නව කොරෝනා තදින් පැතිර යමින් තිබෙන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායන කිරීම සඳහා හෙට (09) නව මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 08 March 2020
කුවේටය ලංකාව ඇතුළු රටවල් 7 ක ගුවන් ගමන් තාවකාලිකව නවත්වයි කොරෝනා වෛරසය පැතිර යාම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් සමඟ කුවේටය පැවැත්වූ සියලු ගුවන් ගමන් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට කුවේට් බලධාරීන් තීරණය කර ඇතැයි එරට පළවන ඇරැබ් ටයිම්ස් පුවත්පත ඊයේ (08) වාර්තා කළේය. 08 March 2020
‘පක්ෂය දෙකට බෙදුණොත් පාක්ෂිකයින් හතරකට බෙදෙනවා‘ එක්සත් ජාතික පක්ෂයේ කොටස් දෙකකට බෙදී මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පාක්ෂිකයින් කොටස් හතරකට බෙදෙනු ඇතැයි එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය. 08 March 2020
උසස් අධ්‍යාපනයට කැනඩාවට යවනවැයි මුදල් වංචා කළ ආයතනයක් වටලයි කැනඩාවේ උසස් අධ්‍යාපනය හැදැරීමට අවස්ථාව ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ දෙහිවල ගාලු පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක් වටලා එහි කළමණාකාරවරිය අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. 08 March 2020
ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකක් නිවාසවල කොටුවෙති මාරාන්තික කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගත් දැඩි පියවර හේතුවෙන් ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී ඇතැයි වාර්තා වේ. 08 March 2020
තවත් ස්වාධීන කණ්ඩායම් 15ක් ඇප මුදල් තැන්පත් කරති මහ මැතිවරණයට තරග කිරීම සඳහා තවත් ස්වාධීන කණ්ඩායම් 15ක් මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ. 08 March 2020
මාලදිවයිනේ දූපත් අතර ගමනාගමන කටයුතු සීමාකරයි කොරෝනා ආසාදිතයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ දූපත් කිහිපයක ගමනාගමන කටයුතු සීමා කිරීමට මාලදිවයිනේ බලධාරීහු අද (8) පියවර ගත්හ. 08 March 2020
පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු ත්‍යාග මුදල් මිලියන 496 අඩුවෙන් ගෙවලා 2016 වසරේ සිට වසර තුනකදී පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු ත්‍යාග මුදල්වලින් රුපියල් මිලියන 496ක් අඩුවෙන් ගෙවා ඇති බව පොලිස් ත්‍යාග අරමුදල් සම්බන්ධයෙන් කළ විශේෂ විගණනයකදී ආනාවරණය වී තිබේ. 08 March 2020
කච්චතිව් මංගල්‍යයට ගිය යාත්‍රා 7 ක් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගිහින් කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍යයට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ට අයත් කුඩා ඩිංගි යාත්‍රා 7 ක් ඉන්දියානු මුහුදු සීමාවට ගසාගෙන ගොස් තිබිය ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකාවක් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දී තිබේ. 08 March 2020
ඉතාලියේ පොදු ස්ථාන වසාදමයි කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා තිබෙන කෞතුකාගාර, රංගශාලා සහ සිනමාශාලා මෙන්ම අනෙකුත් පොදු ස්ථාන වසා දැමීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන ඇත. 08 March 2020
ඉතාලියේ වසා දැමුණු නගරවල සිටින ලාංකිකයින් ගැන වැඩි අවධානයක් කොරෝනා වෛරසය පැතිරීම ඉහළ යාමෙන් ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ලොම්බාඩි පළාත සහ තවත් ප්‍රාන්ත 14ක් වසා දැමීමත් සමඟ එම නගරවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී. 08 March 2020
කටුනායක නව ඉදිකිරීම් මාස 3න් අවසන් නොකළොත් අසාදු ලේඛනයට කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් මාස 03 තුළ අවසන් නොකළොත් ජපන් රජයට පැමිණිලි කර අසාදු ලේඛන ගත කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එම ඉදිකිරීම් සිදුකරන කසාමා නැමති ජපන් සමාගමට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී. 08 March 2020
ගාල්ලෙන් ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කරයි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් එක් ස්වාධින කණ්ඩායමක් ඇප තැන්පත් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසිය. 08 March 2020
රූපවාහිනී-ගුවන්විදුලි අවසරපත් වැඩි ප්‍රමාණය නිකුත් කර ඇත්තේ අවිධිමත්වයි ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පෞද්ගලික රූපවාහිනී නාලිකා අවසරපත් 54ක් සහ ගුවන් විදුලි නාලිකා අවසරපත් 27ක් ලබාදී ඇතත් මේ වනවිට ක්‍රියාකාරීව පවතින්නේ රූපවාහිනී නාලිකා 28ක් සහ ගුවන් විදුලි නාලිකා 18ක් පමණක් බව ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විද්වත් කමිටුව රජයට දැනුම් දී ඇත. 08 March 2020
කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට එරෙහිව මැකොට පැමිණිල්ලක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඒ.එම්.එස් වීරබණ්ඩාර මහතා පක්ෂග්රාහී හා අගතිගාමී ලෙස මැතිවරණ ප්රචාරණයෙහි නිරත වන බැවින් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර ඇත. 08 March 2020
‘ඇමෙරිකානු හඬ‘ මධ්‍යස්ථානය පිහිටි ඉරණවිල භූමිය විදුලිබල මණ්ඩලයට ඉල්ලයි ඉරණවිල ඇමෙරිකානු හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි ඉඩම, විදුලි බලාගාර ඉදිකිරීම සඳහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත. 08 March 2020
දේශපාලනයේ කාන්තා නියෝජනය සීමා කරලා පවතින දේශපාලන තත්ත්වය තුළ කාන්තා නියෝජනය පළාත් පාලන ආයතනවලට සීමා කර, අසරණ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. 08 March 2020
අ’පුරේ පුරාණ දාගැබක් ඩෝසර් කර වගා කරලා ලංකාපුර සිංහරාජගම වෙට්ටකාඩු ප්‍රදේශයේ ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපයේ පිහිටා තිබූ අනුරාධපුර මුල් යුගයට අයත් මහ දාගැබක් මීට දින කිහිපකට ඩෝසර් කර විනාශ කර දමා කුඹුරු වගාව සඳහා යොදාගෙන ඇතැයි ඕනෑගම මැදමළුව මහ විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියෝ පවසති. 08 March 2020
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂක 18 තෙක් රිමාන්ඩ් අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ අධ්යක්ෂ මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා ලබන 18 වැනිදා වැනිදා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය. 08 March 2020
මාදම්පේ නිවසක මිනිස් අස්ථි කොටස් මාදම්පේ මැල්ලවාගාර ප්‍රදේශයේ නිවසක් තුළ තිබි මිනිස් සිරුරක අස්ථි කොටස් තොගයක් අද (7) පස්වරු සොයාගත හැකිවූ බව මාදම්පේ පොලිසිය කියයි. 07 March 2020
එජාපය දිස්ත්‍රික්ක 22න්ම එළඹෙන මහමැතිවරණයේදී එජාපය දිස්ත්‍රික්ක 22 සඳහාම තරග කරන බව එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. 07 March 2020
රජයේ වියදම් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මස 6 වැනිදා සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් දැරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපතිවරයා විසින් අද (06) අධිකාරී බලපත්‍රය නිකුත් කරනු ලැබීය. 06 March 2020
කොදෙව් පිලට කඩුලු 7 ක ජයක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය පිල කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය. 06 March 2020
ජනාධිපති කොමිසන් සභාව නීතිපතිවරයාට සිතාසි නිකුත් කරයි දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසන් සභාවේ ලේකම්වරයා උසාවිය ඉදිරියේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කිරීම ජනාධිපති කොමිසන් සභාවට අවමන් කිරීමක් වන අතර ඊට හේතු දැක්වීමට මේ මස 11 වැනිදින පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති කොමිසන් සභාව අද (06) නීතිපතිවරයා සිතාසි නිකුත් කර තිබේ. 06 March 2020
ලංකාදීප පුවත්පත ජනතා සම්මානයෙන් පිදුම් ලබයි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 14 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකරගන්නා ලදී. 06 March 2020
ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය - සෞදි අරාබිය වෙත ගුවන් ගමන් අත්හිටුවයි කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය. 06 March 2020
ශ්‍රී ලංකාව කඩුලු 6 කට 155 යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. 06 March 2020
ලංකා බැංකු ශාඛා විවෘත නොවීමෙන් ගනුදෙනුකරුවෝ අපහසුතාවයට රටපුරා ප්‍රදේශ රැසක ලංකා බැංකු ශාඛා අද (06) විවෘත නොවීම හේතුවෙන් ගනුදෙනුකරුවෝ දැඩි අපහසුතාවයකට පත් වූහ. 06 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026