ඡන්ද විමසීමට විද්‍යුත් ක්‍රමවේදයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිතව තිබුණේය. එහෙත්, මාර්තු 11 දින පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් අනතුරුව උද්ගත වූ තත්ත්වය හමුවේ, ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවිය.