IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුදල් කාරක සභාවේ සභාපතිත්වය පත් කිරීමේ යෝජනාව බහුතර කැමැත්තෙන් සම්මතයි

( බන්ධුල ඉලේපෙරුම) 
 
මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර කැමැත්තෙන් අද(23) පාර්ලිමේන්තුවේදී සම්මත ‍කෙරිණි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වයට යෝජනා කරන ලද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා වෙනුවට වෙනත් රජයේ මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා උත්සාහ කිරීමත් සමග අද (23 ) පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බව දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියද විපක්ෂයට ලැබිය යුතු එකම සභාපතිත්වය වන මෙම කාරක සභාවේ සභාපතිත්වය තමන්ට ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත විය.

ස්ථාවර නියෝග 121(1) හි විධිවිධාන අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ මන්ත්‍රීන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත්කරගැනීම සඳහා  බහුතර කැමැත්ත විමසීමට ඡන්දයක් පැවැති අතර ඊට පක්ෂව ඡන්ද 87ක් හිමිවිය. විපක්ෂව ලැබුණේ ඡන්ද 17ක් පමණි. ඒ අනුව බහුතර කැමැත්තෙන් අදාළ යෝජනාව සම්මත විය.


 



අදහස් (5)

මුදල් කාරක සභාවේ සභාපතිත්වය පත් කිරීමේ යෝජනාව බහුතර කැමැත්තෙන් සම්මතයි

Rata Perata Friday, 23 October 2020 06:39 AM

දිනේෂ් ගුණවර්ධන වගේ අය දැන් ගෙදර සිටිය යුතුකාලයයි. වයසක උදවිය තාමත් රට කන එක තමයි කරන්නේ...

:       0       2

BamunuarachchiSunday, 25 October 2020 01:27 PM

අලුත ආපු තරුණයෙක් දේශපාලනේ ඉගෙන ගන්න කලින් ලැහැස්ති වූනේ ගෝඨාභය මහතාට ජම්පර් අන්දන්න.

:       0       0

දිමුත් Friday, 23 October 2020 07:02 AM

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයම නොවේ!

:       0       1

BamunuarachchiSunday, 25 October 2020 01:30 PM

නැතිනම් මොකක්ද.? ඉතිරි ටිකත් කියන්නකෝ.

:       0       0

සෙනෙවිරත්න Friday, 23 October 2020 08:13 AM

මේක ලැබුණේ කාටද? අපැහැදිලියි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site