IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා බියෙන් ගාල්ලේ ව්‍යාපාරිකයෝ කඩ වහති

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල මාගාල්ලේ පදිංචි වෘත්තීය පුහුණු අධිකාරියේ මාතර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගම වෘත්තීය පුහුණු අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පිහිටි ටැල්බට් ටවුම පළමුවන පටුමගේ ව්‍යාපාරිකයෝ පිරිසක් සිය වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළහ.

ඔවුන් මෙලෙස නොසන්සුන් වී තිබුණේ ගාල්ල වෘත්තීය පුහුණු අධිකාරියේ වායුසමන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා එම නිලධාරියාගේ සමීපතමයකු පැමිණ ඇතැයි ලැබුණු තොරතුරක් හේතුවෙනි. අද (23) උදෑසන ගාල්ල වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලයේ භාණ්ඩ වෙන්දේසියක් ද පැවැත්වුණු අතර ඒ සඳහා 100කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. වෘත්තීය පුහූණු අධිකාරිය ඉදිරිපිට වෙළෙඳ සැල් 10ක් පමණ වසා දැමූ එම ව්‍යාපාරිකයෝ වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලය විෂබීජහරණය කරන ලෙසත් වෙන්දේසිය නවතා දමන ලෙසත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට පැමිණිලි කළහ.

එම පැමිණිල්ලට අනුව මහජන පරීක්ෂකවරු මෙම ස්ථානයට පැමිණෙන විට අදාල වෙන්දේසිය අවසාන වෙමින් තිබූ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කරමින් සිටි ආසාදිත නිලධාරියා ගාල්ලේ කාර්යාලයට පැමිණ නැති බවයි. ඔහුගේ සමීපතමයන් සම්බන්ධයෙන් අනාවරණය වන තොරතුරු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද එතෙක් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරන ලෙස උපදෙස් දී ඇති බව ද ඔහු කියා සිටියේය. 

මාතර වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලයේ සේවය කරන මාගාල්ල පදිංචි ඒම නිලධාරියා පසුගිය දිනක උගුරේ ශල්‍යකර්මයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී කරන ලද පීසීආර් පරීක්ෂණයකට අනුව ඔහු ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත. එම වාර්තාව ලැබී ඇත්තේ ඊයේ (22) රාත්‍රියේය. මේ වනවිට ඔහුගේ ආශ්‍රිතන් සොයා නිරෝධායන කටයුතු සඳහා යොමුකරමින් සිටින බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. 



අදහස් (0)

කොරෝනා බියෙන් ගාල්ලේ ව්‍යාපාරිකයෝ කඩ වහති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31643 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site