තැඹිලි ගෙඩිය රුපියල් 100 යි දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් තැඹිලි මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති. 04 March 2020
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීහු අද මැ.කෝ හමුවට මහ මැතිවරණයේදී විද්‍යුත් මාධ්‍ය අනුගමනය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සියලුම විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීහු සහ විධායක නිලධාරීහු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් එම කොමිෂන් සභාවට අද (4) කැඳවනු ලැබ සිටිති. 04 March 2020
ලොව පුරා රටවල් 70කට කොරෝනා ව්‍යාප්තවෙයි කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 3,100 ඉක්මවා ඇත. 04 March 2020
රත්නජීවන් හූල් තවමත් රට පෞද්ගලික සංචාරයක් සඳහා විදේශ ගතව සිටින මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා අද (03) වනවිටත් දිවයිනට පැමිණ සිටියේ නැත. 03 March 2020
පාප්තුමන්ට කොරෝනා ආසාදනය වී නෑ සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පෙළෙන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත් පාප්තුමාට ‘කෝවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් ඉතාලියේ පුවත්පතක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා අද (3) වාර්තා කළේය. 03 March 2020
යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර සපයන්න නියෝග හිඟයකින් තොරව යළ කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් ගොවීන්ට සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) නිලධාරීන්ට නියෝග කළේය. 03 March 2020
වනජීවී නිලධාරීන්ට ගෙවන වන්දි මුදල වැඩි කෙරේ රාජකාරියේදී මියයන හෝ තුවාල ලබන වනජීවී නිලධාරීන් වෙනුවෙන් ගෙවන වන්දි මුදල වැඩි කිරීමට පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය තීරණය කර ඇත. 03 March 2020
කතානායකවරයා සියලුම වරප්‍රසාද යළි බාරදෙයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පැය 24 ක් ගතවීමට පෙර කතානායක කරු ජයසූරිය මහතා නිලරථ ඇතුළු කතානායකවරයාට හිමිවන සියලූම වරප්‍රසාද අද (03) යළි බාර දෙනු ලැබීය. 03 March 2020
අධික උණුසුමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් දිවයිනේ ප්‍රදේශ ගණනාවක මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලූ ඇතිවිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. 03 March 2020
දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් 5000 ඉක්මවයි දකුණු කොරියාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ. 03 March 2020
2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලංකාවේදී ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (03) නිවේදනය කළේය. 03 March 2020
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවන්න ලබාදෙන ණය මුදල ප්‍රදානයක් ලෙස සලකන්න ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ තැන්පතු හිමියන්ට නැවත ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට ලබාදෙන රුපියල් කෝටි 855 ක පමණ ණය මුදල මහ බැංකුවට දෙන ප්‍රදානයක් ලෙස සලකන්නැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත. 03 March 2020
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ දෙක ඉක්මවයි දිවයිනේ පුරා දිස්ත්‍රික්ක ගණනාවකට මාස කිහිපයක් තිස්සේ බලපා ඇති දැඩි වියළි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 57,388 කට අයත් පුද්ගලයින් 2,39,295 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 March 2020
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයත් පොහොට්ටුවෙන් එයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිල වශයෙන් මැතිවරණ කොමිසන් සභාවට අද (03) දැනුම් දී ඇත. 03 March 2020
බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිස මුදාහැරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තා විදුහල් දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසුන් 20 දෙනෙකුට අද (03) සවස තරයේ අවවාද කර විදුහල්පතිවරයාට හා දෙමාපියන්ට බාරදුන් බව කොල්ලුපිටිය පොලිසිය පැවසීය. 03 March 2020
ආනයනික මසුන් සඳහා අය කෙරෙන බදු ඉහළට ආනයනික මසුන් සඳහා අයකෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. 03 March 2020
කඩවත කොස්තාපල් ඝාතන නඩුවේ සැකකරුවෝ යළි රිමාන්ඩ් කඩවත පොලිස් ස්ථානයට අනුබද්ධ රාජකාරි කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 7 දෙනා ලබන 17 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහර මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද (3) නියම කළේය. 03 March 2020
චීන ජාතිකයෙක් අබිරහස් ලෙස මියයයි කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ගොවිපළකින් හමුවූ චීන ජාතිකයාගේ සිරුර පිළිබඳව පුත්තලම අධිකරණ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් කර, පුත්තලම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් රාපි මහතා කරුවලගස්වැව පොලීසියට නියෝග කළේය. 03 March 2020
රවී ඇතුළු 11 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති උපදෙස් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ. 03 March 2020
සජිත් විපක්ෂනායක වරප්‍රසාද යළි බාරදෙයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් විපක්ෂනායක කාර්යාලය, නිලරථ ඇතුළු විපක්ෂනායකවරයාට හිමිවන සියලූම වරප්‍රසාද අද (3) යළි බාර දෙනු ලැබීය. 03 March 2020
ආසාත්මිකතාවකින් බාලිකා පාසලක සිසුවියෝ 23ක් රෝහලේ හදිසියේ ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් නුගේගොඩ බාලිකා පාසලක සිසුවියන් 23දෙනෙකු අද(03) කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළක් කර ඇතැයි කොහුවල පොලිසිය කියයි. 03 March 2020
මිද්දෙණියේ වෙඩි තැබීමක්:පුද්ගලයෙක් මරුට මිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේ අද (3) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් (36) හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව මිද්දෙණිය පොලිසිය කියයි. 03 March 2020
‘හැම තැනම අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් පෙන්නුම් කරනවා’ ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් පාසා සතුටුද, සනීපද, සන්තෝසද කියා වත්මන් ආණ්ඩුවේ පිරිස් ජනතාවගෙන් විමසුවත් ඔවුන් ඉදිරිපත් කළ වැඩපිළිවලින් රටටත් ජනතාවටත් සැපක් සන්තෝසයක් වෙනුවට හැම තැනකම අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් පෙන්නුම් කළ බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹදී අද (3) පැවසීය. 03 March 2020
ලක්ෂ 11 දුම්වැටි තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට හොර රහසේ මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 11 කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් මිනුවන්ගොඩ අස්වාන ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී අද (3) අලූයම සිදුකළ වැටලීමකදී සැකකරුවෙකු සමඟ අත්ඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 03 March 2020
අන්තර්ජාලයේ පළවු ළමා අපයෝජනය සිද්ධියේ දැරිය ගැන සීඅයිඩීය තොරතුරු ඉල්ලයි අන්තර්ජාලයේ පළ වු ළමා අපයෝජන සිද්ධියක වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 03 March 2020
රටවල් තුනකින් එන අය දින 15 ක් නිරෝධායනයට කොවිඩ් 19 හෙවත් කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිර යන ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාව යන රටවලින් මෙරටට පැමිණෙන සියලූ මගීන් දින 15 ක නිරෝධායනයට ලක් කිරීමට රජය අද (3) තීරණය කර ඇත. 03 March 2020
‘සමගියෙන් ඉදිද්දි දිනන්න බැහැ කියලා හිතන පිරිසකුත් ඉන්නවා‘ අපේම පක්ෂයේ යම් කණ්ඩායමක් බලාගෙන ඉන්නවා මේ පක්ෂය දෙකට කඩලා දිනන්න පුළුවන් කියලා . ඒගොල්ලෝ හිතන්නේ හැමෝම සමගියෙන් එකට එකතු වෙලා ඉන්නකොට ජන්ද දිනන්න බැහැ කියලයි.‘ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 03 March 2020
ට්විටර් කාර්යමණ්ඩලයට නිවෙස්වල සිට සේවය කරන්නැයි දන්වයි මාරාන්තික නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සිටින ට්විටර් කාර්යමණ්ඩලවලට නිවෙස්වල සිට සේවය කරන්නැයි එම සමාගම දැනුම් දී ඇත. 03 March 2020
වඳවීයන සතුන් රට පැටවීමට තැත් කළ රුසියානු ජාතිකයන්ට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළදී අල්ලා ගන්නා ලද විශේෂ සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 ක් සහ ශාක කොටස් රැසක් රැගෙන යාමට තැත් කළ රුසියානු ජාතිකයින් තිදෙනෙකු මාර්තු 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (03) නියෝග කළේය. 03 March 2020
ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මුදල් මුදාහරින්නැයි මහබැංකු අධිපතිට නියෝග රුපියල් හාර කෝටි හතළිස් හතර ලක්ෂයක මුදල ඕස්ට්‍රේලියානු ජාතිකයාට මුදා හරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (3) මහබැංකු අධිපතිවරයාට නියෝග කළේය. 03 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026