කෝටි 3 ක කේරළ ගංජා උතුරු මුහුදෙන් සොයාගනී රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 283 ක් උතුරු මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව සොයාගෙන ඇත. 03 March 2020
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් දෙදෙනෙකු නයිජීරියාවේදී අත්අඩංගුවට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් භාවිතයෙන් නයිජීරියාවේ සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නයිජීරියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. 03 March 2020
කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 03 March 2020
වී අලෙවි මණ්ඩලය නොපිය වූ ණය ප්‍රමාණය කෝටි 2000 ක් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා ඉකුත් වසර 10 ක කාලය තුළ රාජ්‍ය බැංකු දෙකකින් හා මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන නොපිය වූ ණය ප්‍රමාණය රුපියල් කෝටි 2000 ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. 02 March 2020
ජාතික පාසල් නව අධ්යක්ෂ ධූරය කිත්සිරි ලියනගමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති කිත්සිරි ලියනගම මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්යක්ෂවරයා වශයෙන් පත් කරනු ලැබ ඇත. 02 March 2020
ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකාවේ ගුරු උපදේශක සේවය වෘත්තීය සේවාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 02 March 2020
විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (02) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 02 March 2020
පාස්කු ප්‍රහාරයේ දෙවැනි අතුරු වාර්තාව ජනපතිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවැනි අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (2) ජනාධිපති කාර්යාලයේ දී කොමිසම විසින් ලබා දෙන ලදී. 02 March 2020
රජය ලබාදෙන ණය මුදල 20,000 කින් ඉහළ දමයි ක්ෂද්ර මූල්‍ය සමාගම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා රජය මගින් ලබාදෙන සහන ණය මුදල රුපියල් 40,000 සිට 60,000 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. 02 March 2020
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් කරයි පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ. අද (2 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය. 02 March 2020
‘‘අමරදේව අසපුවේ ඉදිකිරීම් නාවික හමුදාවට බාරදෙන්න‘‘ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා ඇති බත්තරමුල්ල අපේගම පරිශ්‍රෙය් අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ නාවික හමුදාවට බාර දෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත. 02 March 2020
කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළට කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළ නැංවීමට රෝග නිවාරණය සහ පාලනය සඳහා වන යුරෝපීය මධ්‍යස්ථානය පියවර ගත්තේ යැයි යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩ ලියෙන් අද (02) ප්‍රකාශ කළාය. 02 March 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදියන් ඉවත් කෙරේ කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ අතර මැදි වෙළඳාම හෙවත් නාඩි වෙළඳාම අද (02) සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියා කළ බව වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය. 02 March 2020
වසර 3ක් තිස්සේ බන්ධනාගාර පුරප්පාඩුවලට බඳවාගැනීම් කල්යයි බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1500ක් සඳහා සුදුස්සන් බඳවාගැනීම වසර 3ක් තිස්සේ තෙවන වතාවටත් කල් දැමීමට සිදුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 02 March 2020
බාලවයස්කාර දැරියට අතවර කරන වීඩියෝවේ හඬ පරීක්ෂාවට ආන්දෝලනයට ලක්ව තිබෙන ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන වයස අවුරුදු 6 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝ පටයේ සිටින අපයෝජකයන්ගේ කටහඬ පරීක්ෂාවට ලක් කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ. 02 March 2020
‘අලියා හෝ හංසයා නොදුන්නොත් වෙනත් තීරණයක් ගන්නවා’ සමගි ජනබලවේගයට අලියා හෝ හංසයා ලකුණ නීත්‍යානුකූලව ලබා නොදෙන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේ දී වෙනත් තීරණයක් ගැනීමට සිදුවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (2) පැවසීය. 02 March 2020
වනජීවි ඇමැති ඇතුළු 24 කට නොතීසි පරිසර හා වනජීවි සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්යක්ෂ ජනරාල් ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන් 24 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (2) නොතීසි නිකුත් කළේය. 02 March 2020
පිලපිටියට 2 වැනිදා උසාවි එන්නැයි නියෝග පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ බොරු සාක්ෂි ගෙතූවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට ලබන 2 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (2) සිතාසි නිකුත් කළේය. 02 March 2020
සමෘද්ධි දීමනාව කැපුවැයි අඹුසැමි යුවළක් උපවාසයක සමෘද්ධි දීමනාව කපාහැර ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වමින් දිඹුලාගල සමෘද්ධි කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් සමෘද්ධිලාභී යුවළක් අද(02) උපවාසයක් ආරම්භ කළහ. 02 March 2020
හිටපු ජනපතිට විරෝධතා ගොනු කරන්න කල් දෙයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකට සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ඉදිරි සති තුනක් ඇතුළත ගොනු කරන්නැයි එහි වග උත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) කල් ලබා දෙන ලදී. 02 March 2020
‘රැකියා ලක්ෂය සම්පූර්ණයෙන්ම වංචා සහගතයි‘ විරැකියාවෙන් සිටින තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සම්පුර්ණයෙන්ම වංචාසහගත ව්‍යාපෘතියක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පැවසීය. 02 March 2020
සරත් රූපසිරි ආගමන විගමන පාලක ජනරාල් ධූරයට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් යූ. බී. සරත් රූපසිරි මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ලෙස පත්කර ඇත. 02 March 2020
දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පවරාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 02 March 2020
පේරාදෙණිය මැදි විදුහලේ ජ්‍යෙෂ්ඨයින් කනිටු සිසුන්ට බලෙන් මත් ටොෆි කවලා පේරාදෙණිය මධ්‍ය මහා විදුහලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එම විදුහලේ පහළ පන්තිවල සිසුන්ට බලහත්කාරයෙන් මත් ටොෆි කැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 02 March 2020
දුම්රියේ ගැටුණු මෝටර් රථයේ රියැදුරු අනූනවයෙන් දිවිබේරාගනී හික්කඩුව වැල්ලවත්ත දුම්රිය හරස්මාර්ගයේදී අද(02) දහවල් මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් වූ අනතුරකින් මෝටර් රථයේ රියැදුරු අනූනවයෙන් දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය කියයි. 02 March 2020
දම්වැලෙන් බැඳ තිබූ සැකකරු පුටුවත් උස්සාගෙන පැන ගිහින් මත්කුඩු සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රදේශයේ පොලීසියට රැගෙන ආ සැකකරුවකු පුටුවක වාඩිකරවා පුටුවට ද සම්බන්ධ වන සේ අත්වලට මාංචු දමා සිටියදී අලුයම 3.00 පමණ පුටුවද හිස මත තබාගෙන මාංචු කුට්ටම පිටින් පැනයාමේ සිද්ධියක් කළුතරින් වාර්තා වේ. 02 March 2020
සජිත් පිල වැඩ අරඹයි සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙනු ලබන සමගි ජනබලවේගය සිය සන්ධාන ගතවීමේ කටයුතු නිල වශයෙන් අද ආරම්භ කළේය. ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම සමගි ජනබලවේගය සමග එක්ව සිටී. 02 March 2020
‘එජාපය අලියා ලකුණින් තරග කරනවා ‘ ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය. 02 March 2020
කෝටි 10 ක හෙරොයින් වනවාසලින් අල්ලයි වනවාසල ප්‍රදේශයේ සුවිසල් නිවසක තිබිදී හෙරොයින් කිලෝ 10 ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 02 March 2020
වයිරසයෙන් මිය ගිය ගණන 3000 ඉක්මවයි කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 3000 ඉක්මවා ගොස් ඇති බව චීනයේ බලධාරීහු පවසති. 02 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026